අම්මයි තාත්තයි තරම් කෙනෙක් මගේ ජීවිතේ නෑ

මෙවර සිරිකත Online කතාව with Ash සමඟ හරි ආදරණීය කතාබහක නිරත වන්නේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් මෙන් ම නර්තන ශිල්පියෙක් වන සුරාජ් මාපා. දෙමව්පිය ආදරය පිළිබඳ ඔහුත් සමඟ කෙරුණු සුහද කතාබහයි මේ. 
 


ඔබ කාන්තාව දකින්නේ කොහොම ද ? 

ශක්තියක්. ශක්ති කියන්නේ කාන්තාවට. එයාගෙන් තමයි ශක්තිය ආරම්භ වෙන්නෙ. පුංචි ම කාලෙ අම්ම තමා අපට ශක්තිය ලබා දෙන්නේ. අපි ලොකු වුණාට පස්සේ, විවාහ වුණාට පස්සේ බිරිඳ අපේ ශක්තිය වෙනවා. ඒ නිසා කාන්තාව කියන්නෙ ම ශක්තියක්.

ඔබට ඔබේ මව දැනෙන්නෙ කොහොම ද?

මගේ අම්මා තමා මගේ ශක්තිය. පොඩි කාලේ අම්මා තමා මාව හැම දෙයකට ම යවන්නේ. හැම දෙයකට ම එයා තමා මට ශක්තිය දුන්නේ. මට මගේ අම්ම එක්ක තරහා වෙලා ඉන්න බැහැ. මගේ අම්මයි, තාත්තයි තරම් කෙනෙක් මගේ ජීවිතයේ නැහැ. මම අද මෙහෙම ඉන්නේ ඒ දෙන්න නිසා. දැන් නම් ඒ දෙන්න ම ජීවතුන් අතර නැහැ. ඒ දෙන්නා එක්ක එකට ගෙවපු ජීවිතේ අපි කොහොම ද ආයෙ ගන්නේ. මම නම් ඒ දෙන්නා එක්ක ජීවිතේ උපරිමයෙන් ම වින්දා. 

මම මේ ළඟක දී වැඩිහිටි නිවාසෙකට ගියා. ඒකේ ඉන්න ගොඩක් අයට සල්ලි උපරිමෙන් ම තියෙනවා. නමුත් ඒ අයගේ ජීවිතයේ ලොකු හිස්තැනක් මම දැක්කා. ඒ අයට ගොඩක් වටින්නේ ඒ අයත් එක්ක අපි කරන කතාබහ. අපේ ඕනෑ ම දෙයක් කියන්න පුළුවන් එයාලට. අපිට විශ්වාස කරන්න පුළුවන් හොඳම දෙන්නා තමයි අපේ අම්මයි, තාත්තයි. හිරගෙදරට හරි අවසානෙ එන්නේ අපෙ අම්මයි, තාත්තයි විතරයි.

උපුටා ගැනීම - සිරිකත Online කතාව with Ash 

සටහන - සහශ්‍රිකා දයානන්ද

කෝටිපතියෙක් වෙන්න රටින් යන්නම ඕනෙද? Read Previous

කෝටිපතියෙක් වෙන්න රටින් යන්නම ඕනෙද?

මහනුවර ඇසළ පෙරහැරේ තෙවන  රන්දෝලි පෙරහැර Read Next

මහනුවර ඇසළ පෙරහැරේ තෙවන රන්දෝලි පෙරහැර

Realted Post

Leave a comment