විදෙස් සංචාරකයන්ට සුඛෝපභෝගී බස්රියකින් කෑම බීම සියලු පහසුකම් සහිතව සංචාරයට අනගි අවස්ථාවක්

මෙරට සංචාරක ඉතිහාසයේ ප්‍රථම වරට ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයන්ට දඹුල්ල සීගිරිය සහ පිදුරංගල වැනි පෙදෙස් වල  සංචාරය කිරීමේදී  සියලු පහසුකම්  සහ කෑම බීම සහිතව  ප්‍රදේශයේ ඓතිහාසික ස්ථානවල සුඛෝපභෝගී බස් රියකින් සංචාරය කිරීමට අවස්ථාව උදාවී තිබේ.

මධ්‍යම පලාත් සංචාරක දෙපාර්තමේන්තුව ,දඹුල්ල මහ නගර සභාව  සහ දඹුල්ල ප්‍රාදේශීය සභාව ,දඹුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරික මහතෙකුගේ  අනුග්‍රහයෙන් මෙම සුඛෝපභෝගී  ජංගම සංචාරක සේවාව ආරම්භ කර තිබේ.

මෙම  වැඩ සටහන ආරම්භ කිරීමේ අවස්ථාවට බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක ,මධ්‍යම පලාත් ආණ්ඩුකාර සරත් අභයකෝන් ,පාර්ලිමේන්තු මන්ත්‍රී  සුනිල් බියන්වල යන මහතිවරුද ,පලාත් සංචාරක දෙපාර්තමේන්තුවේ නිලධාරින්ද..මෙම වැඩ සටහන ආරම්භ කිරීමට මූලික වූ ව්‍යවසායක   මහතාද සහභාගි වූහ.මෙම බස්රියේ  ගමන් කරන සංචාරකයන්ට  සංචාරක හෝටලයක ලබාගත හැකි ආහාර පාන සියල්ල සැපයෙන අතර ,සංචාරක කේෂ්ත්‍රය තුල නවමු අත්දැකීමක්ද ලබා ගත හැකි බව මධ්‍යම පලාත් සංචාරක දෙපාර්තමේන්තුව පවසයි.  "  බස් ටූරන්ට්  "  නමින් මෙම සංචාරක ප්‍රවර්ධන වැඩ සටහන  ආරම්භ කර ඇත.

ජේ ඒ එල්  ජයසිංහ

මාෂ් හුනී Read Previous

මාෂ් හුනී

මනසින් සවිමත් - දරුවන් පොහොසත් Read Next

මනසින් සවිමත් - දරුවන් පොහොසත්

Realted Post

Leave a comment