මාෂ් හුනී

මාලදිවයින කියන්නේ ඉන්දියන් සාගරයේ ඇති දූපත් රැසකින් සෑදුණු කුඩා රාජ්‍යයක්. මෙවර සිරිකත විදේශ කෑම විශේෂාංගයෙන් ඔබව කැන්දාගෙන යන්නේ මාලදිවයින විශේෂිත රසවත් කෑමක් ඔබේ නිවසින් සාදා ගන්නේ කෙසේද කියලයි. 

මාෂ් හුනි. අවශ්‍ය ද්‍රව්‍ය. 

  • ටූනා හෝ සැමන් ග්‍රෑම් දෙසීය පනහක්.
  • ගා ගත් පොල් ග්‍රෑම් සීයක්. 
  • ලුණු ගෙඩි දෙකක්. 
  • අමු මිරිස් කරල් තුනක්. 
  • දෙහි යුෂ රස අනුව.
  • රස අනුව ලුණු.
  • ගම්මිරිස් කුඩු තේ හැන්දක්. 
  • කොත්තමල්ලි කොළ ස්වල්පයක්. 


සාදන අයුරු. 

ටූනා හෝ සැමන් හොඳින් පොඩිකර එයට පොල්, අමුමිරිස් ,ලුණු, ගම්මිරිස්, කොත්තමල්ලි කොළ දමා හොඳින් කලවම් කරන්න.

සටහන - මහේෂානි මීගහපොල.
උපදෙස් - ප්‍රවීණ සූපවේදිනී. ජීවනී විජේසේකර.

 

ශාරීරික පීඩනයකට මනස හදා ගන්නා ක්‍රම 5ක් Read Previous

ශාරීරික පීඩනයකට මනස හදා ගන්නා ක්‍රම 5ක්

Vietjet සමාගමට Asia’s Leading Airline Brand 2026 සම්මානය Read Next

Vietjet සමාගමට Asia’s Leading Airline Brand 2026 සම්මානය

Realted Post

Leave a comment