විවධ ආගම් වල පිරිස් එකතු වූ ’’බොදු බැති ගී’’

බෞද්ධ ජනතාව සමරන ප්‍රධාන ආගමික උත්සව අතුරින් වෙසක් උත්සවයට ප්‍රමුඛස්ථානයක් හිමි වේ. එදිනට බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, සහ පිරිනිවන් පෑම හෙවත් තෙමඟුල සමරනු ලබන අතර ලෝකවාසී බෞද්ධ ජනතාව ඒ වෙනුවෙන් විවිධ ආකාරයේ ආගමික වතාවත්වල නිරත වේ.

2023 වසරේ සම්බුදු තෙමඟුල සැමරීම වෙනුවෙන් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව සංවිධානය කරන ලද බොදු බැති ගී ප්‍රසංගයක් ජාතික ඒකාබද්ධතා අංශය, හානිපූර්ණය සඳහා වන කාර්යාලය, අතුරුදහන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලය මෙන්ම ජාතික සමඟිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය යන ආයතනයන්හි නිලධාරීන්ගේ එකමුතුවෙන් අද දින (2023.05.04) පෙරවරුවේ රාජගිරිය බුත්ගමුව පාරේ පිහිටි ජාතික ඒකාබද්ධතා අංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

විවිධ ආගම් නියෝජනය කරන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම බොදු බැති ගී ප්‍රසංගය පැවැත්වීම විශේෂත්වයක් විය.

 

මේ වැරදි කවදාවත් කරන්න එපා Read Previous

මේ වැරදි කවදාවත් කරන්න එපා

මලක් වගේ සුවඳට ඉන්න හැම ගැහැණු ළමයෙක්ම දැනගත යුතුම රහස් 20ක් Read Next

මලක් වගේ සුවඳට ඉන්න හැම ගැහැණු ළමයෙක්ම දැනගත යුතුම රහස් 20ක්

Realted Post

Leave a comment