දරුවන්ට සුරක්ෂිත හෙටක්

 

"දරුවන් ට සුරක්ෂිත හෙටක් හදන්නට ඔවුන් ජීවත් වන වටපිටාවත් සුරක්ෂිත විය යුතුයි. අලිමිනිස් ගැටුම විසඳීම ඉන් ප්‍රමුඛතම කාරණයක්."

කිඹුල්වානාපුර අලිමිනිස් ගැටුමට විසඳුම් සෙවීමට මැදිහත් වෙමින්  කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන පවසයි. කුරුණෑගල හිරියාල ආසනයේ ගම්මාන රැසක ජනතාව මුහුණ පා ඇති වන අලි උවදුර විසඳීමට සාකච්ඡා කිරීම සඳහා  නිලධාරීන්, ගම්වාසීන් සමග පසුගිය දා කරනූ ලැබූ විශේෂ සාකච්ඡාවක දී කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා මෙසේ ප්‍රකාශ කරන ලදී. 

මෙම අවස්ථාවට ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති, කොට්ඨාසයේ මන්ත්‍රී මණ්ඩලය, හේරත්ගම වනජීවි කාර්යාලයේ නිලධාරීන්, ප්‍රදේශයේ ග්‍රාමසේවක මහත්වරුන්, කුඹුක්ගැටේ පොලිසියෙ නිලධාරීන්, කෘෂි පර්යේෂණ නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන් සහ ගම්වාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.

කිඹුල්වානාපුර කොට්ඨාසයේ ඉහළ නෙල්ලිය, පහළ නෙල්ලිය, අළුත්කොළණිය සහ වෙල්ගාල ඇතුළු ගම්මාන රැසක් මෙම අලි උවදුරෙන් පීඩාවට පත් වෙයි. වෙල්ගාල විද්‍යාලය ඇතුළු පාසල් ගණනාවකම විදුලි වැට අලින් විසින් කඩා දමා ඇති නිසා පාසල තුළ දී දරුවන් බෙහෙවින්  අනාරක්ෂිත තතත්වයක සිටිති. 
වල් බිහිවීමට ඉඩ හැර ඇති පෞද්ගලික ඉඩම් කිහිපයක් අලින් වාසභූමි බවට පත් කරගන ඇති නිසා දරුවන් ගේ පාසල් ගමනද අඩාල වී ඇති බවට ගම්වාසීහූ චෝදනා කරති. 

අලි ප්‍රහාරයක් සිදුවූ විට ඉතා දුරින් පිහිටි වනජීවී කාර්යාලයේ  නිලධාරීන්ට දැනුම දුන්නද ඔවුන් පැමිණෙන විට සියල්ල සිදුවී අවසන් වන බව ප්‍රදේශ වාසීන්ගේ අදහසයි. කෑමට ඇති  වී මිටි වන අලින්ගෙන් බේරා ගැනීම සඳහා සිය ඇඳුම් අල්මාරියේ සඟවා තැබීමටත් දරුවන්ගේ ‍පාඩම් වැඩ කටයුතු කරගැනීමට නොහැති වීමත් බරපතළ අර්බුදයක් ව පවතී.

මෙම ගැටළුව විසඳීම සඳහා මෙම ප්‍රදේශයන්හි අතුරු මාර්ග වල වීදි ලාම්පු අලුත්වැඩියා කර අතුරු මාර්ග දෙපස ඇති ළඳු කැලෑ කපා ඉවත් කරදීම වැනි කෙටිකාලීන විසදුම් ලබා දීමට ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන් එකඟ වූ අතර දීර්ඝකාලීන විසඳුම් ලෙස මෙම ගම්වදින අලි ඇතුන් නැවතත් කහල්ල පල්ලෙකැලේ රක්ෂිතය දක්වා පළවා හැරීම, ඒ ආශ්‍රිතව අනවසරයෙන් අල්ලා ඇති අලිමංකඩවල් නිදහස් කිරීම, විදුලි වැට අලුත්වැඩියා කිරීම සහ නව ප්‍රතිස්ථාපනයක් සිදු කිරීම වැනි පිළිබඳවද සාකච්ඡා විය. ගම් මට්ටමින් මේ සඳහා කටයුතු කිරීමට කමිටු සකස් කිරීමත් වට්ස්ඇප් සමූහයන් හැදීමටත් යෝජනා විය.

ළමා ලෝකය තව තවත් සුන්දර කරන්න පොඩ්ඩෝ ආස විදියට මෙහෙම හදලා දෙමු... Read Previous

ළමා ලෝකය තව තවත් සුන්දර කරන්න පොඩ්ඩෝ ආස විදියට මෙහෙම හදලා දෙමු...

’’ලස්සන වුණාට වැඩ විතරයි... නානවා හැබැයි’’ Read Next

’’ලස්සන වුණාට වැඩ විතරයි... නානවා හැබැයි’’

Realted Post

Leave a comment