රිෂානා’’ ජාත්‍යන්තරයට

ජාත්‍යන්තර සිනමාකරණය පිළිබඳව දීර්ඝ අත්දැකීම් සහ සම්බන්ධතා සහිත ප්‍රවීණ නිර්මාණවේදී චන්ද්‍රන් රත්නම් ගේ නවතම සිනමා නිර්මාණය වූ " රිෂානා"( RIZANA - A CAGED BIRD) මෙම දිනවල මෙරට රූපගත කිරීම් ආරම්භ කර ඇත . පසුගියදා එහි නාමය නිළ වශයෙන් එළිදැක්වීමේ විශේෂ උත්සව අවස්ථාවක් සිනමොන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදි සිදු කෙරිණ. ජනප්‍රිය හොලිවුඩ් රංගන ශිල්පි , ඔස්කා සම්මානලාභී ජෙරමි අයන්ස් ( Jeremy Irons)  සමගින් දමිළ සිනමාවේ සම්මානනීය  ජනප්‍රිය නිළි , වරලක්ෂ්මි සරත්කුමාර් ( Varalaxmi sarathkumar )ප්‍රධාන භූමිකාවන්ට පණපොවන අතර සිනමාවට හඳුන්වාදෙන විදුශිකා රෙඩ්ඩි ඇතුළු දේශීය හා විදේශීය රංගන ශිල්පීන් විශාල පිරිසක් මෙම නිර්මාණය හා සම්බන්දව ඇත. මෙය , කලකට පෙර ලෝකය පුරා මහත් ආන්දෝලනයක් ඇති කරමින් හා සමස්ථ මාධ්‍යයන් කලබමින් , නොසිතු ජීවන ඉරණමකට මැද පෙරදිගදී මුහුණ දුන් 17 හැවිරිදි රිෂානා නෆීක් ගේ ජීවන සංසිද්ධි පාදකව ගොඩනැගුණු  කතා පුවතකි . මෙම නිර්මාණයේ තවත්  විශේෂත්වයක් වනුයේ , රූපගත කිරීම් වලට සමාන්තරව ශබ්ද පටිගත කිරීමයි .( Direct Sound )  ඒ සඳහා ඕස්ට්‍රේලියානු ජාතික තිමති ලොයිඩ් ප්‍රධාන එරට කාර්මික ශිල්පීන්ගේ දායකව ලැබී ඇත ." රිෂානා " කැමරාකරණයෙන් චන්දන ජයසිංහ , තිර පිටපත් රචනයෙන් සහ සංස්කරණයෙන් ජේම්ස් රත්නම් , තිර පිටපත් අධීක්ෂණයෙන් ඇමැන්ඩා සුරවීර, සහය අධ්‍යක්ෂණයෙන් ජගත් ආනන්ද සමගින් දිල්ෆර් ෆාරුක් , කලා අධ්‍යක්ෂණයෙන් සුනිල් විජේරත්න , අංග රචනයෙන් ප්‍රියන්ත දිසානායක , නිෂ්පාදන කළමනාකරණයෙන් නිමල් විජේසිරි සේනාධීර , රේඛීය නිෂ්පාදනයෙන් අනූෂ සංජීව එදිරිමුණි , නිෂ්පාදන ප්‍රධානි ලෙස අරුණ මහේන්ද්‍ර හා "සුමති ස්ටුඩියෝස් " වෙනුවෙන් විධායක නිෂ්පාදකවරුන් ලෙස චදු සුමතිපාල සහ චතුල  සුමතිපාල එක්වී ඇත.යූ.ඩබ්.ඒ. සුමතිපාලයන් විසින් ආරම්භ කරන ලදුව , මිලිනා සුමතිපාල හා තිලංග සුමතිපාල විසින්  ඉදිරියට ගෙන එමින් , දේශීය හා විදේශීය සම්මාන වැඩිම ප්‍රමාණයකට හිමිකම් පෑ චිත්‍රපට රැසක් සිංහල සිනමාවට දායාද කල සුමති චිත්‍රපට නාමය තුන්වන පරම්පරාවට රැගෙන යමින් හා ජාත්‍යන්තර චිත්‍රපට වෙළඳ පොළ ඉලක්කකර ගනිමින් තැබූ යෝධ පියවරක් මෙන්ම,  තුන්වන  පරම්පරාවේ නව ආරම්භයක් ලෙස සුමති ස්ටූඩියෝස් ආයතනය  වෙනුවෙන් ජගත් සුමතිපාලයන් විසින් මෙහි නිෂ්පාදන දායකත්වය දරා ඇත.

  • ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

සිරිකත පැංචොයි හංසි නැන්දයි - ඔබේ දඟකාර පොඩිත්තා ලෝකෙටම පෙන්නන්න Read Previous

සිරිකත පැංචොයි හංසි නැන්දයි - ඔබේ දඟකාර පොඩිත්තා ලෝකෙටම පෙන්නන්න

සිරිකත පැංචොයි හංසි නැන්දයි - ඔබේ දඟකාර පොඩිත්තා ලෝකෙටම පෙන්නන්න Read Next

සිරිකත පැංචොයි හංසි නැන්දයි - ඔබේ දඟකාර පොඩිත්තා ලෝකෙටම පෙන්නන්න

Realted Post

Leave a comment