ජීවත් වෙනවා කියන්නේ අභියෝගයක්

 

ජනප්‍රියවීම පෞද්ගලික ජීවිතයට බාධාවක්ද?

ඒක පුද්ගලයන්ගෙන් පුද්ගලයාට වෙනස්. මට එහෙම ගැටලුවක් නැහැ. සෑම දෙයකම වාසි අවාසි තිබෙනවා. ජනප්‍රිය වීම ලොකු වාසනාවක්. ඒ අතින් මම ගොඩක් වාසනාවන්තයි. නමුත් සමහර අවස්ථාවලදී ජනප්‍රියත්වය අපේ ජීවිතයට අවාසි වෙන අවස්ථා තිබෙනවා. ඒ සමහර තැන්වලදි අපේ පෞද්ගලිකත්වය නැතිවෙන නිසා.

ජනප්‍රිය වීම ලෙහෙසිද?

නැහැ. ජනතාවගෙන් ලැබෙන ආදරය සහ ජනතාවට ප්‍රිය බව තමයි ජනප්‍රියත්වය කියන්නේ. ප්‍රසිද්ධ වෙන්න ඕනෑම කෙනෙකුට පුළුවන්. නමුත් ජනතාවගේ ආදරය ලබන්න හැමෝටම වාසනාව නැහැ.

තනි කාන්තාවකට අද සමාජයේ නිසි රැකවරණයක් තිබෙනව කියල හිතනවද?

හැම වෙලාවෙම හැම කෙනෙකුටම ඒ නිසි රැකවරණය ලැබෙන්නේ නැහැ. පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒක අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. අපිට එකිනෙකාට වෙනස් විදියේ සම්බන්ධතා වලින් රැකවරණය ලැබෙන්න පුළුවන්. අම්මා තාත්තා, සහෝදර සහෝදරියෝ, මිතුරු මිතුරියන් වගේ අයගෙන්.

 

සටහන - ඉෂංකා ජයසූරිය 

කෝටිපතියෙක් වෙන්න රටින් යන්නම ඕනෙද? Read Previous

කෝටිපතියෙක් වෙන්න රටින් යන්නම ඕනෙද?

ශ්‍රී දළදා උරුමය රකින දශකයකට වැඩි සන්නිවේදන සබැඳියාව Read Next

ශ්‍රී දළදා උරුමය රකින දශකයකට වැඩි සන්නිවේදන සබැඳියාව

Realted Post

Leave a comment