oxford ඉංග්‍රීසි ශබ්දකෝෂයේ වෙනසක්

ලොවක් පිළිගත් ප්‍රමුඛතම ඉංග්‍රීසි ශබ්දකෝෂයක් වන ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂ සඳහා වචන කිහිපයක් අලුතින් එක් කර තිබේ. ඒ ශ්‍රී ලංකාවේ බහුලව භාවිත වන වචන කිහිපයක් ඇසුරිනි.

මෙසේ අලුතින් එක් වූ වචන අතරට කොත්තු රොටී (Kottu roti),මැල්ලුම් (Mallung) යන වචන ඇතුළත් වේ. එසේ ම මෙරට ක්‍රිකට් ක්‍රීඩක ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය සංගීත භාණ්ඩයක් වන පපරේ (Papare) යන වචනය ද ඇතුළත් කර ඇත.

මීට අමතරව කිරිබත් (Kiribath), වටලප්පන් (Watalappan),ඔසරි (Osari),වලව්ව (Walawwa) යන වචන ද මෙම ඉංග්‍රීසි ශබ්දකෝෂයට ඇතුළත් කර තිබේ. 

භාෂාමය හා සංස්කෘතිමය වැදගත්කමක් ඇති නව වචන කිහිපයක් මෙසේ ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයට ඇතුළත් කරමින් යාවත්කාලීන කර තිබේ. 

  • සටහන - සහශ්‍රිකා දයානන්ද

ශ්‍රී දළදා උරුමය රකින දශකයකට වැඩි සන්නිවේදන සබැඳියාව Read Previous

ශ්‍රී දළදා උරුමය රකින දශකයකට වැඩි සන්නිවේදන සබැඳියාව

කෝටිපතියෙක් වෙන්න රටින් යන්නම ඕනෙද? Read Next

කෝටිපතියෙක් වෙන්න රටින් යන්නම ඕනෙද?

Realted Post

Leave a comment