ශ්‍රී පාද පුද බිම මිනිස් ක්‍රියාකාරකම් නිසා කසළින් පිරෙයි

ශ්‍රී පාදස්ථානය  ලෝක බෞද්ධ ජනතාවගේ පූජනීය වන්දනීය ස්ථානයක් බවට පත්ව  ඇතත් ,මෙම පූජනීය ස්ථානයට වන්දනා මාන කිරීමට පැමිණෙන බැතිමතුන් ශ්‍රී පාදබිමේ  ඉවත  දමා යන පොලීතීන් ප්ලාස්ටික් මෙන්ම වෙනත් කැළි කසළ අප   ද්‍රව්‍ය ටොන් ගනනින් මේ පුදබිමේ දමා  පිටව යති.

මේ ශ්‍රීපාද  වන්දනාවේ පැමිණි   බැතිමතුන්   එම පූජනීය  භුමි පෙදෙසේ කඳු රක්ෂිතයේ පරිසරය විනාශ කරමින්  දමා ගොස් ඇති කැළි කසළ කන්දරාවයි.

ශ්‍රීපාදස්ථානය වැඳ පුදා ගැනීමට  නන් දෙසින් පැමිණෙන බැතිමතුන්ට  නොදිරන  කිසිදු  ද්‍රව්‍යයක්  හෝ  කඩදාසි   ප්ලාස්ටික්  බෝතල් හෝ වෙනත්  ද්‍රව්‍ය  රැගෙන ඒම තහනම් කිරීමට දැඩි ක්‍රියා මාර්ගයක් නොගත හොත් මෙම  පූජනීය භූමියේ පරිසරය  විනාශ වී යා හැකි බව පරිසර වේදීන් සහ පරිසර සංවිධාන  අනතුරු හඟවති.

ඡායාරූප වලින් දැක්වෙන්නේ ශ්‍රීපාද  කඳු මුදුනේ සිට  මිනිස් ක්‍රියාකාරකම් නිසා  සිදුව ඇති පරිසර හානියයි.

ජේ.ඒ.එල් ජයසිංහ

වයසට යන සම තරුණ පෙනුමකින් රැකගන්න විදි Read Previous

වයසට යන සම තරුණ පෙනුමකින් රැකගන්න විදි

මීලඟ අදියරට පිවිසෙන Richard Pieris Securities Read Next

මීලඟ අදියරට පිවිසෙන Richard Pieris Securities

Realted Post

Leave a comment