සිඟිති බාලදක්ෂයන්

මාතලේ විජය ජාතික පාසලේ නවක සිඟිති බාලදක්ෂයන් සඳහා සාමාජික පදක්කම් පැළඳවීමේ උත්සවයක් පසුගිය දා විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි.

මාතලේ දිසා බාලදක්ෂ කොමසාරිස් ඩබ්ලිව්. ඒ. සුනීතා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී නවක සිඟිති බාලදක්ෂයන් වෙත සාමාජික පදක්කම් පැළඳවීම සිදු කෙරිණි.

මෙම අවස්ථාවට සහය දිසා කොමසාරිස් (පෝතක) මාලා විතානගේ මහත්මිය ද සහභාගී වූවාය.

විදුහල්පතිනි මිතුනි චන්ද්‍රසේකර මහත්මියගේ මඟපෙන්වීම යටතේ, ප්‍රාථමික අංශය භාර සහකාර විදුහල්පතිනි ලිලානි ගනේගොඩ මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සංවිධායකත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.

උත්සවය සාර්ථක කර ගැනීම සඳහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරුන් ඇතුළු සමස්ත ආචාර්ය මණ්ඩලය ද සිය සහයෝගය ලබා දී තිබිණි

Arpico එළඹන උත්සව සමයට සූදානම් Read Previous

Arpico එළඹන උත්සව සමයට සූදානම්

කඨින චීවර මාසෙ අටපිරිකර ජාවාරමක් Read Next

කඨින චීවර මාසෙ අටපිරිකර ජාවාරමක්

Realted Post

Leave a comment