ළමා මනසේ සුන්දරත්වය රැගෙන මායා බෝංචි ළඟදීම

අලි මිනිස් ගැටුමෙන් නිරන්තරයෙන්  ප්‍රීඩාවට පත්වන  ගමක වෙසෙන රුසියා, ගැජමැටික්, මැතමැට්ටි සහ ඔමිඳු යනු සුවිශේෂි සහජ  දක්‍ෂතා සහිත බිඳුණු පවුල්වල උපන් දරුවන් සිව් දෙනෙකු කේන්ද්‍ර කර ගනිමින් , නායකත්වය, තාක්ෂණය, ගණිතය සහ පරිසරය යන ක්ෂේත්‍රවල මොවුන් සතු සුවිශේෂි හැකියාවන් පිළිබඳව දිගහැරෙන " මායා බෝංචි"  චිත්‍රපටය එළැඹෙන දෙසැම්බර් 04 වන දින සිට තිරගත් වීමට නියමිතව ඇත . 

තමන්ටත් සිය ගම්මානයටත් මුහුණ පෑමට සිදුවන අලි තර්ජනයට තිරසාර විසඳුමක් සෙවීමට මොවුන් දරන උත්සාහයන් මුලදී අසාර්ථක වීම හේතුවෙන්  සැවොම විසින් මොවුන් ප්‍රතික්ෂේප වූවද, කුරුල්ලන්ගේ චර්‍යාවන් පිළිබඳව  පර්යේෂණයක් සඳහා ගමට පැමිණෙන අනුරාධ නම් තරුණයා මෙම දරුවන්ගේ ශක්‍යතා හඳුනාගෙන ඔවුනට මඟ පෙන්වයි. ඔහුගේ දිරිගැන්වීම මත දරුවන් සිව් දෙනා තම හැකියාවන් හොඳින් ගොනුකොට ගෙන අලි මිනිස් ගැටුමට ප්‍රායෝගික හා තාක්ෂණික විසඳුමක් සොයා ගනී .එය ඔවුන්ට පමණක් නොව මුළු ගමටම ඵලදායි විසඳුමක් විය. මෙම නිර්මාණ කටයුතු වලදී ඔවුන් පාසැලෙන්, ගම්මුන්ගෙන් හා තම නිවාසවලින් එල්ලවන බාධා කිරීම් සහ වන සතුන් සමග ගැටෙමින් තම අරමුණ කරා යන ගමන් මග මායා බෝංචි තුලින් විචිත්‍රවත් කර ඇත .

 කලකට පෙර තාල සිනමා පටය නිර්මාණය කළ පාලිත  පෙරේරාගේ අධ්‍යක්ෂණයක් ලෙසින් මායා බෝංචි  තිරයට එක්වීමට නියමිතව ඇත.  හේමාල් රණසිංහ ,  ඉසංකා ජාන්වි, බිමල් ජයකොඩි, ප්‍රියන්ත සිරිකුමාර, කෞශල්‍යා ප්‍රනාන්දු, තිලක්ෂනී රත්නායක. මයුර කාංචන , ආනන්ද කුමාර උන්නැහේ, රත්නා ලාලනි  ජයකොඩි, ප්‍රියංකා සමරවීර, සුජානි මේනකා, අංජන ප්‍රේමරත්න.  සමගින් ළමා නළු නිළියන් වන අමත වික්‍රමසිංහ, තෙනුජි කරුණාරත්න, සසිරු ලේල්වල සහ සවිඳු සසංග රංගනයෙන් එක්වී ඇති මායා බෝංචි   තිර රචනය නිමකර ඇත්තේ  දමිත් දහනායක, ප්‍රබෝද් රත්නායක සමඟින් පාලිත පෙරේරා එක්වීමෙනි.  තිලාන් වීරසිංහ නිෂ්පාදනය කළ මායා බෝංචි කැමරා අධ්‍යක්ෂණයෙන් චින්තක සෝමකීර්ති, සහය අධ්‍යක්ෂණයෙන් නලින්ද ප්‍රේමරත්න, කලා අධ්‍යක්ෂණයෙන් මංජුල අයගම, සංස්කරණයෙන් තිස්ස සුරේන්ද්‍ර සමගින් රංගන සිංහාරගේ, වර්ණ සංකලනයෙන් අසංක වික්‍රමසිරි, ශබ්ද පරිපාලනයෙන්  අරුණ ප්‍රියන්ත කළුආරච්චි ඇතුළු පිරිසක්  දායකත්වය දක්වා ඇත.

සමේ රැළි අඩු කරන ස්වභාවික ක්‍රම Read Previous

සමේ රැළි අඩු කරන ස්වභාවික ක්‍රම

ළමා මනසේ සුන්දරත්වය රැගෙන මායා බෝංචි ළඟදීම Read Next

ළමා මනසේ සුන්දරත්වය රැගෙන මායා බෝංචි ළඟදීම

Realted Post

Leave a comment