’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් මනෝ සමාජයීය ප්‍රථමාධාර හා උපදේශන වැඩසටහන

 

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් ජනතාවගේ මානසික සෞඛ්‍ය ඉහළ නැංවීම සඳහා වන මනෝ සමාජයීය ප්‍රථමාධාර හා උපදේශන වැඩසටහන

Clean Sri Lanka වැඩසටහන යටතේ 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් ජනතාවගේ මානසික සෞඛ්‍ය ඉහළ නැංවීම සඳහා වන මනෝ සමාජයීය ප්‍රථමාධාර හා උපදේශනය පිළිබඳ (PFA & Basic Counseling) දිස්ත්‍රික් මට්ටමින් කණ්ඩායම් පුහුණු කිරීමේ වැඩසටහනට (TOT)  මාතලේ දිස්ත්‍රික් වැඩසටහන පසුගිය  දිනවල නාඋල අරංගල  යොවුන් සේනාංක මධ්‍යස්ථානයේදී  පැවැත්විණි. 

සුරක්ෂා මධ්‍යස්ථානවල සිටින ජනතාවගේ හා විශේෂයෙන් සිසුන්ගේ  මානසික සුවය වර්ධනය කරන්නේ  කෙසේද යන්න පිළිබදව  සුරක්ෂා  මධ්‍යස්ථාන  සම්බන්ධව කටයුතු කරන  රාජ්‍ය නිලධාරින් පුහුණු කිරීම  මෙම වැඩසටහන යටතේ සිදු කෙරේ.  

Clean Sri Lanka කාර්යාලය හා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කොට  තිබුණි.  මෙම වැඩසටහනේ පළමු හා දෙවෙනි වැඩසටහන් නුවරඑලිය හා මහනුවර යන දිස්ත්‍රික්කවල  පැවැත්වුණ අතර තුන්වෙනි වැඩසටහන  මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍රකරගනිමින් අරංගල යොවුන්සේනාංක මධ්‍යස්ථානයේදි පැවැත්විණි.

මාතලේ මහේෂ් කිර්තිරත්න 

භාවනාවෙන් අඩු කරන ඩිමෙන්ෂියා Read Previous

භාවනාවෙන් අඩු කරන ඩිමෙන්ෂියා

වයසට යන සම තරුණ පෙනුමකින් රැකගන්න විදි Read Next

වයසට යන සම තරුණ පෙනුමකින් රැකගන්න විදි

Realted Post

Leave a comment