කයාල් නවීන විලාසිතා දැක්ම මහනුවරදී

 

ලංකාවේ විශාලතම නිමි ඇඳුම් නිෂ්පාදනයන් සහ අලෙවිකරුවන් අතරින් ප්‍රමුඛත්වයක් දරන ශ්‍රියානි ඩේ‍රස් පොයින්ට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන කයාල් නවීන විලාසිතා දැක්ම පෙබරවාරි 11 වැනි දින මහනුවර Earl's Regency  හෝටලයේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එහි නිර්මාතෘ සහ සභාපති මාරියපිල්ලේ සෙල්වරාජ් මහතා සඳහන් කරයි.


ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ මෙම හෝටලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට සහභාගි වෙමිනි. ඔහු එහි දී මෙම විලාසිතා දැක්ම පිළිබඳ අදහස් දැක්වූයේ මෙලෙසය.

 


“වර්තමානයේ දී අප ආයතනයේ ප්‍රදර්ශනාගාර ලංකාවේ බොහෝ ප්‍රදේශවල දක්නට ලැබෙන අතර 2,000 කට අධික පිරිසකට ඒ තුළින් රැකියා අවස්ථා සලසා දී තිබෙනවා. එමෙන්ම සමාගම සිය අභිලාෂයන් විවිධාංගීකරණය කරන අතර, ඉදිරි වසර කිහිපය තුළ ලංකාවේ ප්‍රමුඛ පෙළේ නිමි ඇදුම් ව්‍යාපාරයක් ලෙස ඉහළට ඔසවා තැබීමේ අරමුණ පෙරදැරිව කටයුතු කරනවා. නිමි ඇඳුම් කර්මාන්තයේ විප්ලවීය වෙනසක් සිදු කරමින්, අභිමානයක් එකතු කිරීම  'Khayal’ විලාසිතා එළිදැක්වීමේ අරමුණයි.”  


මෙම ප්‍රදර්ශනයේදී උසස් තත්ත්වයේ ලෙහෙන්ගා වර්ග රාශියක්, විශිෂ්ට සාරි පෙළක්, විධිමත් ඇඳුම් කට්ටල, මෝස්තර ජැකට්, විවිධ වර්ගයේ බ්ලේසර් සහ ෂර්වාර් එළිදක්වනු ලබන බවත්,  සුවිශේෂී පෙනුමක් සහිත මංගල ඇඳුම් ආයිත්තම් කට්ටලයන් ඇතුළු තවත් බොහෝ නවීන විලාසිතා සමග අවසානය ආකර්ෂණීය මනාලියන්ගේ එකතුවකින් සමන්විතවන බවද එහිදී ඔහු පැවසීය.   


“බ්‍රයිඩ්ස් ඔෆ් ශ්‍රී ලංකා” නිල මනාලියන්ගේ සඟරාව ලෙස කටයුතු කරයි. Moose Clothing මෙම උත්සවයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඉදිරිපත් වී ඇත.ලස්සන ෆ්ලෝරා මල් සහ සැරසිලි සහකරුවන් වන අතර. තරු පහේ හෝටලයක් වන Earl’s Regency නිල ආගන්තුක සත්කාර සහ ස්ථාන සහකරු වේ. Haut Monde Event Management  නිල උත්සවය සහ PR හවුල්කරු ලෙස කටයුතු කරනබවද එම මාධ්‍ය හමුවේදී පැවසිනි. 

නයනා උදයංගනී


                   

 

තරුණකම රැකගෙන වයසට නොයා ඉන්න උදව් වන රහස් ආහාර 6ක් Read Previous

තරුණකම රැකගෙන වයසට නොයා ඉන්න උදව් වන රහස් ආහාර 6ක්

ශරීරයේ සෑම කොටසකටම වැදගත්, අපි නොසලකා හරින ඛනිජ Read Next

ශරීරයේ සෑම කොටසකටම වැදගත්, අපි නොසලකා හරින ඛනිජ

Realted Post

Leave a comment