කරන වැඩේ උපරිමයෙන්ම කරනවා

 

නයනතාරා සමග ‘සිනේමා’ තුළින් සිනමාවට එන අලුත්ම මුහුණ මේඝ සූරියආරච්චි. මේඝ කියන්නේ ‘සිනේමා’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල සූරියආරච්චිගේ ආදරණීය පුත්‍රයා. මේඝ තමයි ‘සිනේමා’ චිත්‍රපටයේ ජාලියගේ චරිතයට පණ පොවන්නේ. මේ ඔහු සමග අප කළ කෙටි සංවාදයයි. 


■ මේඝ කියන්නේ ඇත්තටම කවුද? 
කරන දේ උපරිමයෙන්ම කරන්න උත්සාහ කරන කෙනෙක්. මගේ පාසල කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය. පාසල් කාලේ ගොඩක්ම සම්බන්ධ වෙලා හිටියේ ක්‍රීඩා අංශයට.

■ මේඝ ගේ කලා ගමනේ ප්‍රථම අත්දැකීමද ‘සිනේමා’
ප්‍රධාන චරිතයක් රඟපාන ප්‍රථම අවස්ථාව. හැබැයි පුංචි කාලෙදි සුළු චරිතයක් රඟපාලා තියෙනවා. මම රඟපාන්න එන්න, නළුවෙක් වෙන්න හිතාගෙන  සිටි කෙනෙක් නෙමෙයි. පුංචි කාලේ දැන්වීම්වලට, නිරූපන වැඩවලට පෙනී හිටින්න අවස්ථාව ලැබුණා. කැමරාවට අලුත් වුණාට ගෙදර පරිසරය ඇතුළේ කලාව කියන්නේ මට හුරු පුරුදු දෙයක්. මගේ පියා ඒ පරිසරය ගෙදර හදලා තිබුණේ. 

■ මේ චිත්‍රපටයේ රඟපාන්න ලැබුණෙ තාත්තා එහි අධ්‍යක්ෂවරයා නිසාද?
කිසිසේත්ම නැහැ. සිනේමා තාත්තාගේ නිර්මාණයක් තමයි. නමුත් මේ සිනමා කෘතිය නිර්මාණයට නැගෙද්දී තාත්තා කියන්නේ මගේ අධ්‍යක්‍ෂවරයා. එතැනදීි මම න`ඵවෙක් මිසක් කපිල සූරියආරච්චිගේ පුතා නෙමෙයි.

■ ඔබ එහි නිරූපණය කරන ‘ජාලිය’ ගැන කතා කළොත්
ජාලිය කියන්නේ තමන්ගේ උසස් අධ්‍යාපනයෙන් පසුසේ ජීවිතේ අරමුණු සොයාගෙන යන තරුණයෙක්. ශ්‍යාම් ප්‍රනාන්දු බිමල් ජයකොඩි වැනි ප්‍රවීණයන් රැසක් සමග වැඩ කරන්න ලැබීම ලොකු අත්දැකීමක් වුණා. හැමෝටම ඇවිත් චිත්‍රපටය නරඹන්න ආරාධනා කරනවා.  

■ නයනතාරා සමග පෙම්වතුන් ලෙස රඟපෑමට ලැබුණු අත්දැකීම කොහොමද? 
ජාලිය කියන චරිතය ගොඩනගා ගන්න ඇයගෙන් ලැබුණු සහාය උපරිමයි. හොඳ මිතුරියක්. ඇය සමග වැඩ කරන්න ඉතාම පහසුයි.

■ මේඝට ටෙලි නිර්මාණ සදහා ආරාධනා ලැබිලා නැද්ද?
මේ වෙද්දි මම ටෙලි නිර්මාණයකට දායක වෙලා ඉන්නවා. ජයන්ත චන්ද්‍රසිරි මහතා වසර 15කට පසුව අධ්‍යක්ෂණය කරන ‘නන්නත්තාර’ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය තමයි මම නිරූපණය කරන්නේ.

■ මේඝ තාමත් අධ්‍යාපන කටයුතු කරනවාද?
මම උසස් අධ්‍යාපනය හැදෑරුවේ මෘදුකාංග ඉංජිනේරු විෂයෙන්. පස්සේ මට හිතුණා කලාව පැත්තෙනුත් දැනුමක් ලබාගන්න. ඒ නිසා මම කැලණිය විශ්ව විද්‍යාලයේ සිනමාව සහ රූපවාහිනීකරණය පිළිබඳ විශේෂවේදී උපාධිය හදාරනවා.

■ තාත්තාගේ අඩිපාරේ යන්න ආසාවක් නැද්ද?
මම සිනමා අධ්‍යක්ෂණයට කැමැතියි. ඒ භූමිකාවට පණපෙවීමට ඉතා ආසාවෙන් ඉන්න කෙනෙක්. මම දැනට මගේ සමකාලීන මිතුරන් කීපදෙනෙක් සමග නිෂ්පාදන ආයතනයකුත් කරගෙන යනවා.

 


නදීශා අතුකෝරළ
ඡායාරූප සජීව ලක්ෂාන්


 

මහනුවර මහ නගර සභාව ප්‍රථම වරට නගරයේ  අවමංගල්‍ය ශාලාවක් Read Previous

මහනුවර මහ නගර සභාව ප්‍රථම වරට නගරයේ අවමංගල්‍ය ශාලාවක්

මහනුවර මහ නගර සභාව ප්‍රථම වරට නගරයේ  අවමංගල්‍ය ශාලාවක් Read Next

මහනුවර මහ නගර සභාව ප්‍රථම වරට නගරයේ අවමංගල්‍ය ශාලාවක්

Realted Post

Leave a comment