2026 ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය
මෙම 2026 වසරේ ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් දෙදෙනකු අතර බෙදී ගියේය. ඒ, ඇමරිකාවේ ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ රොබට් ඊ. හෝල් සහ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ මයිකල් වුඩ්ෆෝර්ඩ් අතරේය.
ඔවුන්ට මෙම ගෞරවනීය සම්මානය හිමිවූයේ රටක ආර්ථිකය සුරක්ෂිතව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඔවුන් සිදුකළ විශේෂ පර්යේෂණයක් වෙනුවෙනි.
ඔවුන්ගේ මෙම පර්යේෂණයෙන් සොයාගත් වැදගත්ම දේ, රටක ආර්ථිකයට යම් යම් වෙනස්කම් හෝ බලපෑම් ඇතිවන විට සහ රජය එක එක ප්‍රතිපත්ති (තීරණ) ගන්නා විට, ඒ කෙරෙහි අපේ පුංචි පවුල් (ගෘහස්ථ ඒකක) සහ තනි තනි ව්‍යාපාර ගන්නා තීරණ කොතරම් දුරට බලපානවාද යන්නය.
අපේ ගෙදරින් ගන්නා පුංචි තීරණයක්, එහෙමත් නැත්නම් කඩයකින් ගන්නා පුංචි තීරණයක් මුළු රටේම ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කරන හැටි සරලව පැහැදිලි කරදීමට මෙම විද්‍යාඥයන් දෙදෙනාට හැකි විය. රටේ ආර්ථිකය යහපත්ව සහ ස්ථාවරව පවත්වාගෙන යන්න මේ සොයාගැනීම ගොඩක් උපකාරී වනු ඇතැයි ද පැවැසෙයි.
සටහන - කසුනි විජේසිංහ

Leave a comment