අඹන්ගඟ ඔස්සේ ජනතාව වෙත ප්‍රවාහන පහසුකම් සැලසීමේ නාවික හමුදා මෙහෙයුම

අඹන්ගඟ ඔස්සේ ජනතාව වෙත ප්‍රවාහන පහසුකම් සැලසීමේ නාවික හමුදා මෙහෙයුම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතාගේ  නිරීක්‍ෂණයට පසුගියදා ලක්විය.
 
පැවති අයහපත් කාළගුණය හේතුවෙන් බිඳවැටුණු අඹන්ගඟ පාලම යතාවත් කිරීම සම්පූර්ණ කරන තෙක්, පාසල් ළමුන් ඇතුළු ප්‍රදේශයේ ජනතාව වෙත එම ගඟ ඔස්සේ ප්‍රවාහන පහසුකම් සැලසීම වෙනුවෙන් 2025 දෙසැම්බර් 24 නාවික හමුදාව විසින් විශේෂ  බෝට්ටු සේවාවක් ආරම්භ කෙරුණු අතර, එම මෙහෙයුම පසුගියදා  නාවික හමුදාධිපතිවරයා විසින් නිරීක්‍ෂණය කර, එම සේවාව වඩාත් කාර්යක්ෂමව සිදුකිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීමට කටයුතු කෙරිණි.    

මාතලේ, රයිතලාව සිට අලුත්වෙළ දක්වා අඹන්ගඟ ඔස්සේ ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා නාවික හමුදාව මගින් ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුම යටතේ  2025 දෙසැම්බර් 24 සිට 2026 ජනවාරි 11 වන දින දක්වා පාසල් ළමුන් ඇතුළු පුද්ගලයින් එක්දහස් අටසිය පනස්දෙනෙකු (1850) ආරක්‍ෂිතව ප්‍රවාහනය කිරීමට කටයුතු කර ඇත. 

දරුවන්ගේ පරිත්‍යාග ගුණය පුරුදු කරවමු Read Previous

දරුවන්ගේ පරිත්‍යාග ගුණය පුරුදු කරවමු

වැදිරිය මංකඩ’ සමඟින් රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට අලුත්ම ටෙලි අත්දැකීමක්! Read Next

වැදිරිය මංකඩ’ සමඟින් රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට අලුත්ම ටෙලි අත්දැකීමක්!

Realted Post

Leave a comment