අලංකාරවත් කාන්ත දින සැමරුම් උළෙලක්

මාර්තු 8 වෙනිදාට යෙදුන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිතිකොටගෙන ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ සේවයේ නියතු  කාන්තාවන්ගේ  එකමුතුවෙන් ඉතා අලංකාරවත් කාන්තා දින සැමරුම් උළෙලක්  මාර්තු 7 වෙනි දින රෝහල් පරිශ්‍රයේදී  පවත්වන්නට යෙදුනි.

 මෙහි විශේෂත්වය නම් සියලුම දායකත්වය සහ සහභාගිත්වය කාන්තාවන් පමණක්ම වීමය. රෝහලේ කාන්තා කාර්ය මණ්ඩලයේ යහපැවැත්ම සහ වෘත්තීය කුසලතා ඔප් නංවාගැනීමේ අරමුණින් පරිපාලන, වෛද්‍ය, හෙද, කනිෂ්ට සේවක, කළමනාකරණ, ආරක්ෂක, රසායනාගාර, භෞත චිකිත්සක, ඖශධාගාර, පිරිසිදු කිරීම්, නිවාස භාරකාර, සහ විකිරණ ආදී නොයෙකුත් අංශ වල සේවය කරන කාන්තා පිරිස මේ සදහා සහභාගී විය.

කාන්තාවන් සදහා අයිතිවාසිකම් සමනාත්මකව සවිමත් කිරීම යන මෙවර 2025 ජාත්‍යන්තර කාන්තා දින තේමාව ඔස්සේ ගෘහස්ත හිංසනය වලක්වාගැනීම, ලිංගිකත්වය, සේවාස්ථ ගැටුම් අවම කිරීම, පෝෂණය පවත්වා ගැනීම, සහ පුද්ගලික සනීපාරක්ෂාව යන මාතෘකා යටතේ ඒ ඒ ක්ෂේත්‍ර වල ප්‍රවීණ කාන්තාවන් සමග සුහද දේශන සහ ගීත, නර්තන ආදී විවිධ අංග රාශියකින් උළෙල සමන්විත විය. 

රෝහල් ශ්‍රම බලකායෙන් බහුතරයක් වන කාන්තා නියෝජනය දිරිමත් කිරීම සදහා සහභගී වූ සියලුම කාන්තාවන්ට එහිදී වටිනා ත්‍යාග පාර්සලයක්ද ලබාදීම සිදු කරන ලදී.

අර්ශස් වළක්වා ගන්නේ කොහොමද? නොකළ යුතු වැරදි Read Previous

අර්ශස් වළක්වා ගන්නේ කොහොමද? නොකළ යුතු වැරදි

රහයි ගුණයි දෙකම Lemon Pepper Salmon Read Next

රහයි ගුණයි දෙකම Lemon Pepper Salmon

Realted Post

Leave a comment