අවුරුදු 73ක ආච්චි කෙනෙකුගෙ බඩේ අවුරුදු 30ක බබෙක් හිටියොත්

මෙම CT ස්කෑන් පරීක්ෂණය වයස අවුරුදු 73 ක කාන්තාවකට අයත් වන අතර, වෛද්‍යවරුන් විසින් ඇගේ කුසේ  වයස අවුරුදු 30 ක කැල්සියම් කළලයක් සොයා ගන්නා ලදී.

වෛද්‍ය විද්‍යාත්මකව ලිතෝපීඩියන් ලෙස හැඳින්වෙන මෙම දුර්ලභ තත්ත්වය ඇති වන්නේ ගර්භණී සමයේදී කලලයක් මිය යන විට සහ ශරීරයෙන් බැහැර නොකරන විටය. 

එවිට , ශරීරය විසින්  කලලය වටා කැල්සියම් වලින්  ආවරණයක් සාදා මියගිය කළලය ආරක්ෂා කරයි. 

මෙය සාමාන්‍යයෙන් සිදුවන්නේ දෙවන ත්‍රෛමාසිකය තුළ භ්‍රෑණ මරණය සිදු වූ විට සහ ශරීරය එය  හඳුනා නොගෙන ප්‍රතිචාර නොදක්වන විටය,  මෙවැනි අවස්ථාවකදී කලලරූපය වසර ගණනාවක් ඉවත්  නොවී උදර කුහරය තුළ තැන්පත් කර තැබීමට ශරීරය විසින් ඉඩ සලසයි.

සටහන - කසුනි විජේසිංහ 

පිරිමින්ගේ රහස් ලොවට පවසන ’’වයිෆ්’’  දින 100 පසුකරයි Read Previous

පිරිමින්ගේ රහස් ලොවට පවසන ’’වයිෆ්’’ දින 100 පසුකරයි

ඇමති සරෝජා සහ NCPA අතර හමුවක් Read Next

ඇමති සරෝජා සහ NCPA අතර හමුවක්

Realted Post

Leave a comment