අසිගිරි මහා විහාර පාර්ශවයේ අනූනායක ආචාර්ය නාරම්පනාවේ ආනන්ද හිමියන් කැළණිය විශ්ව විද්‍යාලයේ කුලපති ධූරයට

කැළණිය විශ්ව විද්‍යාලයේ නව  කුලපති  ධූරය   සඳහා  ,ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ,සියම් මහා නිකයේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනූනායක  ආචාර්ය  නාරම්පනාවේ ආනන්ද  හිමි පාණන් වහන්සේ පත් කරන ලදහ,

නව  ධූරයට පත් කෙරුණූ  ආචාර්ය නාරම්පනාවේ ආනන්ද ,අස්ගිරි අනූ නාහිමි පාණන් වහන්සේ ,පසුගිය දිට්වා ආපදා  සමයේ ආපදාවට ලක්වූ අසරණ  ග්‍රාමීය ජනතාව වෙනුවෙන් මහා පරිමාණයෙන් ආධාර උපකාර කරමින් ,නිවාස අහිමි වූවන්ට නිවාස තනා දෙමින්ද, පාසැල් දරුවන්ට  අවශ්‍ය පාසැල් උපකරණ ඇඳුම් පැළඳුම්ද නොමසුරුව පරිත්‍යාග කිරීමට මූලිකත්වය ගෙන තිබිණි,උන් වහන්සේ විසින් සම්බුද්ධ ශාසනයට ඉටුකරන ලද මෙහෙවර  අති මහත්ය.

අභිනව  කුලපති ධූරයට පත් කෙරුණු   නාරම්පනාවේ ආනන්ද හිමිපාණන් වහන්සේ මූලික වී තෙල්දෙණියේ ප්‍රධාන විහාරස්ථාන දෙකක් සහ පැවිදි සිසුන්ට පිරිවෙන් අධ්‍යාපනය ලබා  දීම සඳහා  පිරිවෙන් මධ්‍යස්ථානයක්ද  ආරම්භ කර තිබේ.

ජේ   ඒ   එල්  ජයසිංහ

කඩුගන්නාව පුරාණ මාවෙල වළගම්බා විහාරය වැඳ පුදා ගන්න යමුද? Read Previous

කඩුගන්නාව පුරාණ මාවෙල වළගම්බා විහාරය වැඳ පුදා ගන්න යමුද?

Pure Elegance, Timeless Beauty Read Next

Pure Elegance, Timeless Beauty

Realted Post

Leave a comment