ආසියාවේ පළමු චන්ද්‍ර අභ්‍යවකාශ නගර මොඩල පාලන අතුරුමුහුණත එළිදැක්වේ

රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය මොරටුව විශ්වවිද්‍යාලයේ අවසන් වසර ශිෂ්‍ය රුසින් තත්සර විසින් 2022 දී "විමාන අභ්‍යවකාශ නගර" සහන් දිමුත් සමග එළි දක්වා තිබෙනවා. 

එහි නවතම අනුවාදයක් ලෙස "ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍ර අභ්‍යාවකාශ නගරය" කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් සමග ඒකාබද්ධව "KNIGHT-RO" ප්‍රදර්ශනයට අදාලව එළි දක්වා තිබුණා.

මෙහිදී රුසින් තත්සර විසින් සාදන ලද ආසියාවේ පළමු චන්ද්‍ර අභ්‍යාවකාශ පාලන අතුරුමුහුණත එළිදැක්වීම ද සුවිශේෂී වුණා. 

මෙහිදී සංකල්පිත චන්ද්‍ර අභ්‍යවකාශ නගර මොඩලයක් සාදා එහි ප්‍රධාන පාලන මධ්‍යස්ථානයේ චන්ද්‍ර නගර පාලනයට අදාල පද්ධතියක අතුරුමුහුණත මහජන ප්‍රදර්ශනයට එක් කර තිබුණා. 

ආරක්ෂක ලේකම් හිටපු එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට යෙදුණු මෙය දින 3ක් පුරාවට මහජන ප්‍රදර්ශනයට පැවැත්වුණා. 

මෙම අවස්ථාවට කීර්තිමත් තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා පැවසුවේ" මෙය මෙරට අභ්‍යවකාශ විද්‍යා සාක්ෂරතාවය ප්‍රායෝගික කරන සුවිශේෂ අවස්ථාවක් බවයි.

මෙම අවස්ථාවට තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහත්වරුන් ඇතුලු විශේෂ අමුත්තන් සහ දීපව්‍යාප්ත පාසල් සිසු සිසුවියන් ,නරඹන්නන් රාශියක් සහභාගි වන්නට යෙදුණා. 

මලක් වගේ සුවඳට ඉන්න හැම ගැහැණු ළමයෙක්ම දැනගත යුතුම රහස් 20ක් Read Previous

මලක් වගේ සුවඳට ඉන්න හැම ගැහැණු ළමයෙක්ම දැනගත යුතුම රහස් 20ක්

මඩකලපුවේ කාන්තා ඝාතනයේ සැකකරුවන්ට නීතීඥ සහාය නොදෙන්නැයි බලකර  විරෝධතාවයක්.. Read Next

මඩකලපුවේ කාන්තා ඝාතනයේ සැකකරුවන්ට නීතීඥ සහාය නොදෙන්නැයි බලකර විරෝධතාවයක්..

Realted Post

Leave a comment