ගත සිත සුව කරන භාවනා

වර්තමානයේදී අප ගෙවන ජීවන රටාව ඉතාම වෙහෙසකර වන අතර එය මානසිකවද බලපායි. මනස ලෙඩ වුවහොත් ගත ලෙඩ වීමද නිරායාසයෙන්ම සිදු වන්නකි. එහෙයින් මනස නිරවුල්ව සහ නිරෝගීව තබා ගැනීමට කටයුතු කිරීම ඉතාම වැදගත්. 

මෙහිදී බෞද්ධ ධර්මයේ විවිධ භාවනා ක්‍රම පිළිබඳව සඳහන් කර ඇති අතර භාවනා වැඩීමෙන් මනස නිරවුල් කර ගැනීමටද ඔබට හැකියාව ලැබෙනවා. 


භාවනාව යනු කුමක්ද?


භාවනාව යන්නෙහි සරල අදහස නම් දියුණු කරනවා යන අදහසයි. එනම් සිත දියුණු කිරීම එයින් අදහස් වෙනවා. ජීවිතයේ සෑම දෙයකටම පූර්ව අංගය වන්නේ සිතයි. එම නිසා සිත පිරිහීමට නොදී මානසික සුවතාව, සැනසීම, තැන්පත්භාවය ඇති කරගැනීම පිණිසම බුදුරජාණන් වහන්සේ භාවනාව පිළිබඳව දේශනා කර තිබෙනවා. එහිදී විශේෂයෙන් මූලික භාවනා ක්‍රම දෙකක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. ඒ සමථ භාවනාව සහ විදර්ශනා භාවනාවයි.  ආනාපානසති භාවනාව, සක්මන් භාවනාව, අසුභ භාවනාව වශයෙන් විවිධ භාවනා ක්‍රම හඳුනාගත හැකියි. 


ඔබට අවස්ථාවක් ලැබෙන ඕනෑම මොහොතක් තෝරාගෙන භාවනාව සඳහා එම කාලය යෙදවීම ඔබට සිදු කළ හැකියි. 

භාවනා කිරීම සඳහා තිබිය යුතු සුදුසුකම් මොනවාද?


බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය පිළිබඳව පවතින පැහැදීම මෙහිදී අත්‍යවශ්‍ය වෙනවා. එනම් ශ්‍රද්ධාව පැවතීම මින් අදහස් වෙනවා. 

ඔබට භාවනා කිරීමේදී,  ආනාපානසති භාවනාව හැර අනෙක් සියළුම භාවනාවන් සඳහා සතර ඉරියව්වම භාවිත කළ හැකියි. සතර ඉරියව් යනුවෙන් අදහස් කරන්නේ වාඩිවීමේ ඉරියව්ව, සැතපීමේ ඉරියව්ව, සිටගෙන සිටින ඉරියව්ව, ඇවිදීමේ ඉරියව්ව යනාදියයි. මේ අතුරින් වාඩි වීමේ ඉරියව්ව ඉතා වැදගත්. මෙහිදී ඔබ වාඩි වීමේදී කොන්ද ඍජුව තබා ගැනීම ඉතාම වැදගත්. ඒ සඳහා පද්මාසනය, වීරාසනය, බද්ධ පර්යංකය ද කාන්තාවන් සඳහා අර්ධ පර්යංකයද බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද විවිධ භාවනා පිළිබඳව තොරතුරු ඉදිරි දිනවලදී සිරිකත අරණ තුළින් අප, ඔබ වෙත ගෙන එනවා. 

සටහන: විශ්වනී හසලා
අහස්ගව්ව YouTube නාලිකාවේ විකාශය වූ වැඩසටහනක් ඇසුරෙන්

වාර්තා පිට වාර්තා තබමින් මේ දශකයේ අතිශය ජනප්‍රිය වූ ස්කුයිඩ් ගේම් අවසන් Read Previous

වාර්තා පිට වාර්තා තබමින් මේ දශකයේ අතිශය ජනප්‍රිය වූ ස්කුයිඩ් ගේම් අවසන්

ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට... Read Next

ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට...

Realted Post

Leave a comment