ජාත්‍යන්තර ඕසෝන් දිනට සමගාමීව යුද්ධ හමුදාවේ මුලික්තවයෙන් දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවක්

සෑම වසරකම සැප්තැම්බර් 16 දිනට යෙදෙන ඕසෝන් ස්තරය ආරක්ෂා  කිරීමේ දිනට සමගාමීව 2025 සැප්තැම්බර් මස 16 දින යුද්ධ හමුදාවේ මුලික්තවයෙන් දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදී.

එහි සමාරම්භක වැඩසටහන යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයෙන් ආරම්භ වූ අතර පැවති  රුක් රෝපණ වැඩසටහන සඳහා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ සහභාගී විය. මීට අමතරව, දීපව්‍යාප්තව යුද්ධ හමුදා කදවුරු පරිශ්‍රයන් තුළද රුක් රෝපණ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මකවීය.

මොන්ට්‍රියල් නියමාවලිය, ඕසෝන් ස්ථරය, එය  හානි වන ආකාරය හා මානව පැවැත්ම සඳහා එහි ඇති අවශ්‍යතාවය කුළුගැන්වෙන පරිදි සියළු කඳවුරු තුල පැයක පමන දේශණයක් පැවැත්වීමටද කටයුතු සිදුකෙරිනි. එහිදී, ඕසෝන් ස්තරය ආරක්ෂා කර ගැනීම, එහි වැදගත්කම සහ ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කල අතර පරිසර ආරක්ෂාව පිළිබඳව අවධානය වර්ධනය කිරීමේ අරමුණින් යුතුව මෙම දේශණ පවත්වන ලදි.

මීට අමතරව සියළුම කඳවුරු තුළ පොසිල ඉන්ධන භාවිතයෙන් ක්‍රියා කරන යන්ත්‍ර භාවිතා කිරීම අවම කිරීම මඟින් අහිතකර වායු විමෝචනය අවම කිරීමටත් කඳවුරු වල භාවිතා කරන සියළුම වායුසමිකරණ හා ශිතකරන පරික්‍ෂාවට ලක් කර හරිතාගාර වායු කාන්දුවීම වැලැක්වීම සඳහාත් ක්‍රියා කරන ලදී.

ඇහැ ඇතුළෙ ටැටූ කළ පළමු ශ්‍රී ලාංකිකයා Read Previous

ඇහැ ඇතුළෙ ටැටූ කළ පළමු ශ්‍රී ලාංකිකයා

ඇහැ ඇතුළෙ ටැටූ කළ පළමු ශ්‍රී ලාංකිකයා Read Next

ඇහැ ඇතුළෙ ටැටූ කළ පළමු ශ්‍රී ලාංකිකයා

Realted Post

Leave a comment