ඇහැ ඇතුළෙ ටැටූ කළ පළමු ශ්‍රී ලාංකිකයා

ටැටූ කලාව කලාවක් කරගත්, විලාසිතාවෙන් ඔබ්බට යන ටැටූ ආර්ටිස් කෙනෙක් සමඟයි මෙවර සිරිකත Online කතාව with Ash සමඟ සම්බන්ධ වන්නේ. ඔහු නමින් පවී ප්‍රනාන්දු.

ඔබ ටැටූ කරනවාට බිරිඳ කැමති වුණා ද?

එයා කැමති වුණා. එයා සමාජය ගැන ගොඩක් දැනුවත්. මම දෙයක් කරන්න කැමති නම් මම ඒක මුලින් ම එයාට කියනවා. ඉතින් ඊටපස්සෙ එයා ඒ ගැන හොයලා බලලා මට හොඳක් වෙන දෙයක් නම් ඒකට කැමති වෙනවා.

එතකොට ඔබ තාත්තෙක් විදිහට මේ දේවල් කරනවට දරුවො කැමති ද?

මට දුවයි පුතයි ඉන්නේ. එයාල තාම පොඩියි. මම ටැටූ කරන්න කලින් ඒ දෙන්නට ෆෝන් එකෙන් ඒ සම්බන්ධ වීඩියෝ පෙන්වනවා. අනික මට හිතුණ දේ තමා එයාල පොඩි කාලෙ ම මේ දේ කරපු එක හොඳයි කියන එක. 

අම්මගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොම ද?

මේ පාර ගිය ගමන මම කියලා ගිය ගමනක් නෙවේ. මම මාස දෙක හමාරකට කලින් ඉඳන් තමා ඇහැ ඇතුළෙ ටැටූ කරන එක ප්ලෑන් කරන්නේ. මම මෙහෙම දෙයක් කරනවා කියලා මුලින් ම දන්නේ මගෙ බිරිඳයි, මල්ලි විතරයි. ගෙදර අනික් කවුරුත් දන්නෙ නෑ. මම ගෙදර ආවට පස්සේ අම්මා මාත් එක්ක මාසයක් විතර කතා කලේ නෑ. හැබැයි තාත්තගෙන් නම් අවුලක් වුණේ නෑ.

ඉදිරියට මොනව ද කරන විලාසිතා ?

කෙනෙක් දෙයක් මුලින් ම කරන්න ඕනි. එතකොට තමයි ඒකේ හොඳ නරක අනුව රැල්ලක් නිර්මාණය වෙන්නේ. 


උපුටා ගැනීම - සිරිකත Online කතාව with Ash 

සටහන - සහශ්‍රිකා දයානන්ද

යක්ෂාව වේශය ළඟදීම තිරයට Read Previous

යක්ෂාව වේශය ළඟදීම තිරයට

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර් Read Next

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර්

Realted Post

Leave a comment