ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පැවැත්වූ වැඩසටහනකදී ආචාර්ය කුමාරි ග්‍රේරු මහත්මිය සම්මානයට පාත්‍ර වෙයි.

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා සංගමය විසින් සංවිධානය කළ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම්  උළෙලේදී විවිධ ක්ෂේත්‍රයන්හි   පිළිගැනීමට ලක් වූ කාන්තාවන් උදෙසා පැවැත්වුනු සම්මාන ප්‍රදානය ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, සහ ගරු විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මාර්තු මස 22 වෙනි සෙනසුරාදා උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී.   

 

මෙම උළෙලේ දී  ලයිසියම් ජාත්‍යන්තර පාසල් ජාලයේ උපදේශන සම්බන්ධීකරණ විදුහල්පතිනිය මෙන්ම ලයිසියම් නුගේගොඩ පාසලේ විදුහල්පතිනිය ලෙස කටයුතු කරන ආචාර්ය කුමාරි ග්‍රේරු මහත්මිය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේස්ත්‍රයේ උන්නතිය වෙනුවෙන් ලබා දුන් දායකත්වය වෙනුවෙන් සම්මාන ලැබුවාය.

ආචාර්ය කුමාරි ග්‍රේරු මැතිණිය, අනාගත පරපුරේ උන්නතිය උදෙසා දෙතිස් වසරක් පුරා සිදුකරන අතිමහත් කැප කිරීම මෙන්ම අධ්‍යාපන ක්ෂේස්ත්‍රය සඳහා ඇගේ අනභිභවනීය දායකත්වය හා මානුෂීය නායකත්වය, සමාජයේ සිටින ඕනෑම කාන්තාවකට පරමාදර්ශයකි.

එදා රෑ, 18 එනවා Read Previous

එදා රෑ, 18 එනවා

බුද්ධානුභාවයෙන් රන් වූ දෝතළු Read Next

බුද්ධානුභාවයෙන් රන් වූ දෝතළු

Realted Post

Leave a comment