දේශපාලන සංකල්ප වලින් එහාට ගොස් කළගුණ සැලකීම මුනි ගුණය!

ඕනෑම කෙනෙක් දරණ දේශපාලන මත, ලෝකය ගැන දරණ මත මුනිවරුන්ට අදාල නැත. මුනි ගුණය නම් මිනිසෙකු ලෙස සියල්ලන් වෙත දැක්විය යුතු ගෞරවය සහ කරුණාව දැක්වීම පමණයි.

එමෙන්ම සියලු මිනිසුන් තුළ හොඳ මෙන්ම අඩුපාඩු ද ඇති බව අවබෝධ කොටගෙන වාසය කරනා මුනිහු කිසිම විටෙකටත් අන්තගාමීව කිසිදු මිනිසෙකුව වැළඳගන්නේ ද ප්‍රතික්ෂේප කරන්නේද නැත.

මහින්ද රාජපක්ෂ යනු අවිවාදයෙන්ම මෑත යුගයේ ශ්‍රී ලංකාවේ දේශපාලන චරිතයයි. ඔහු විසින් ඉදිරිපත් කරන ලද වැඩපිළිවෙල සහ නැවත ශ්‍රී ලංකාව ගොඩනැඟීමෙහි ලා සිදු කරන ලද මෙහෙය අවිවාදයෙන්ම ප්‍රශංසනීයයි. අද දින ශ්‍රි ලංකාවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට එතුමාගේ කාල්ටන් නිවසට සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ ඇතුළු උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ කණ්ඩායම පැමිණියා. එහිදී උමංදාවේ නිශ්පාදනය කරනු  " උමංදාව බටර් " උමංදාව බාස්මතී , උමංදාව නව දම් බතල , කුරුඳු පළතුරු එළවළු  හා උමංදාව නව නිෂ්පාදන රාශියක් ,විවිධ ආහාර පාන රැසක් එතුමා වෙනුවෙන් ‍රැගෙන ගියා.

උමංදාව ගොඩනැගීමෙහිලා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉටුකළ මෙහෙය අතිමහත් බව එහිදී සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ සිහිපත් කළා. සිංහලයාට සේවය කිරීමට නම් බැනුම් ඇසීමටත්, කිසිවක් බලාපොරොත්තු නොවී යුතුකම් ඉටුකොට නිහඬ සිටීමේ ඉවසීමේ ගුණයත් තිබිය යුතුම බවත් එහිදී ස්වාමින්වහන්සේ විසින් පවසා සිටියා. මේ එම අවස්තාවේ රූ සටහන් කිහිපයක්:

පිරිමින්ගේ රහස් ලොවට පවසන ’’වයිෆ්’’  දින 100 පසුකරයි Read Previous

පිරිමින්ගේ රහස් ලොවට පවසන ’’වයිෆ්’’ දින 100 පසුකරයි

තිරෝකුඩ්ඪ සූත්‍රය හා එහි සිංහලාර්ථ.... Read Next

තිරෝකුඩ්ඪ සූත්‍රය හා එහි සිංහලාර්ථ....

Realted Post

Leave a comment