පාළුවට ගිය මහනුවර ප්‍රධාන දුම්රිය ස්ථානය

දිට්වා ආපදාව නිසා  මාස හයක් පාළුවට ගිය මහනුවර ප්‍රධාන දුම්රිය ස්ථානය  සහ  දුම්රිය  වේදිකාවල හිරවුණු දුම්රිය


පසුගිය වසරේ (2025) නොවැම්බර් මාසයේ ඇතිවූ දිට්වා සුළි කුණාටුවේ පලපෑම  මත හටගත් මහා වර්ෂාවෙන්  සිදුවූ  ජල ගැලීම් සහ නායයාම්  හේතූවෙන්  මහනුවර  සහ  උඩරට දුම්රිය මාර්ග වලට සිදුවූ බරපතළ  හානියෙන්  ,මහවැළි ඟඟ උතුරා ගලා යාමෙන්  ,පේරාදෙණිය නුවර දුම්රිය මාර්ගයේ කළු පාළමට  හානි සිදු⁣වීමෙන්  සම්පූර්ණයෙන්ම  දුම්රිය ධාවනය ඇණ හිටීමත් සමග දිනකට දහස් ගනනක්  දුම්රිය මගීන්  ගැවසුණු  මහනුවර  ප්‍රධාන  දුම්රිය ස්ථානය ජන ශුන්‍ය වී  පාළුවට  ගොස් තිබෙන අයුරුයි  මේ.

දුම්රිය  ධාවනය ඇණ හිටීමත් සමග මහනුවර ප්‍රධාන දුම්රිය ස්ථානය තුල  දුම්රිය වේදිකාවන්හී  නවතන ලද  දුම්රිය  පහක් පමණ,මාස හයක්  තිස්සේ මෙලෙස  ගාල්වී තිබේ.

මහවැළි ඟඟ හරහා  ඇති  පේරාදෙණිය නුවර දුම්රිය මාර්ගයේ  ඉපැරණි යකඩ පාළම යථා තත්ත්වයට පත් කරන තෙක් මහනුවරින්  උඩරට සහ කොළඹ ප්‍රදේශවලට දුම්රියක්  ධාවනය කිරීමට  නොහැකි බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරි්න්  පවසති.

දිනපතා මහනුවර දුම්රිය ස්ථානයෙන්  පිට පලාත් වලට ධාවනය වූසියලු දුම්රියන් මෙම  ආපදා  තත්ත්වය හේතූවෙන්  නැවතී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ  වෘත්තීය සමිති  පවසති.

මාස ගනනාවක් තිස්සේ නුවර කොළඹ සහ නුවර උඩරට දුම්රිය ධාවන  කටයුතු ඇණ හිටීම නිසා රාජ්‍ය සේවකයන් පාසැල් ළමුන් ,විශ්ව විද්‍යාල සිසුන් ,ව්‍යාපාරික ප්‍රජාව  සහ සාමාන්‍ය  මගී ජනතාව  දැඩි
 අපහසුතාවයකට  පත්ව සිටිති.

(මහනුවර දුම්රිය ස්ථානය  පාළුවට ගොස් තිබෙන අයුරු සහ මාස ගනනාවක් දුම්රිය ස්ථානයේ හිරවුණු දුම්රිය කීපයක්..)

ජේ ඒ එල්  ජයසිංහ

මැරුණට පස්සේත් තමන් හදපු චිප්ස් පෙත්ත එක්ක ඉන්න කැමති වූ මිනිසා Read Previous

මැරුණට පස්සේත් තමන් හදපු චිප්ස් පෙත්ත එක්ක ඉන්න කැමති වූ මිනිසා

දරුවාගේ බුද්ධි වර්ධනයට මවගේ ආහාරයෙන් ලැබෙන ශක්තිය Read Next

දරුවාගේ බුද්ධි වර්ධනයට මවගේ ආහාරයෙන් ලැබෙන ශක්තිය

Realted Post

Leave a comment