මනසින් සවිමත් – දරුවන් පොහොසත්

“මනසින් සවිමත් – දරුවන් පොහොසත්” යන තේමාව යටතේ මාතලේ, යටවත්ත, දීවිල්ල ශ්‍රී මලියදේව දහම් පාසලේ ලෝක ළමා දින සැමරුම් වැඩසටහනක් පැවැත්විණි.

දරුවන්ගේ මානසික හා ආධ්‍යාත්මික සංවර්ධනය මෙන්ම ඔවුන් තුළ යහපත් ගුණධර්ම හා සාරධර්ම වර්ධනය කිරීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

ශ්‍රී ලංකා අමරපුර සිරි සුමන පාර්ශ්වයේ මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක, නියෝජ්‍ය ලේඛකාධිකාරි, අලකොළමඩ ශ්‍රී ධම්මාධාර මහ පිරිවෙනේ පරිවේණාධිපති, දීවිල්ල ශ්‍රී ධර්මවර්ධනාරාම විහාරස්ථානය ඇතුළු විහාර ගණයේ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය ගලලියද්දේ අරියවංශ නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා හා මඟපෙන්වීම යටතේ මෙම සැමරුම් වැඩසටහන පැවැත්විණි.

ලෝක ළමා දිනය වෙනුවෙන් දරු දැරියන්ගේ දක්ෂතා හා නිර්මාණශීලීත්වය ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙමින් විවිධ වැඩසටහන් ද සංවිධානය කර තිබූ අතර, දහම් පාසල් දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් උත්සවය සාර්ථකව පැවැත්විණි.

අසාර්ථක වූ මුල්ම කේක් එකෙන් ’Cakes by Rumi’ ජයගත් රුමේෂිකාගේ දිරිය කතාව Read Previous

අසාර්ථක වූ මුල්ම කේක් එකෙන් ’Cakes by Rumi’ ජයගත් රුමේෂිකාගේ දිරිය කතාව

මැරුණට පස්සේත් තමන් හදපු චිප්ස් පෙත්ත එක්ක ඉන්න කැමති වූ මිනිසා Read Next

මැරුණට පස්සේත් තමන් හදපු චිප්ස් පෙත්ත එක්ක ඉන්න කැමති වූ මිනිසා

Realted Post

Leave a comment