මහනුවර උමං මාර්ග පද්ධතියේ කඩ කාමර වල භාණ්ඩ මහජනයාට ගමන් කිරීමට ඇති කොටසෙත් අවහිර කරලා

මහනුවර මහ නගර සභාව  වසර  තිහකට අධික කාලයක් තිස්සේ    පදික වේදිකා අවහිර කරමින් අනවසර වෙළඳාමේ යෙදී  සිටි පදික වෙළඳුන්  ඉවත්  කලද ,මහනුවර නගරයේ උමං  මාර්ග  ඇතුලත  කඩ හිමියන්  තම  කඩ කාමරයෙන් පිටත  ,මහජනතාව ගමන් කරන කොටස   ආක්‍රමණය  කර  තිබෙන බව එම උමං මාර්ගයේ  ගමන්  කරන  ජනතාව  පවසති.

මෙම උමං මාර්ගය  තුල  ස්ථාපිත කර  තිබෙන  වෙළඳ කුටි   වලින්  පිටතද   විවිධ  විසිතුරු  බඩු   අළෙවි   කිරීමෙන්   අධික  මහජන තදබදයක්  ඇති වන විට උමං මාර්ග පද්ධතිය තුල  මහජනතාවට   ගමන් කිරීම  අපහසු වන බව  ඔවුන්  පවසති.

ඡායාරූප වලින්දැක්වෙන්නේ  උමං මාර්ග  තුල  මහජනතාව ගමන් කරන කොටසත් වෙළඳුන් ආක්‍රමණය කර ඇති ආකාරයයි.

ජේ.ඒ.එල්  ජයසිංහ

First Energy සමාගමට සම්මාන දෙකක් Read Previous

First Energy සමාගමට සම්මාන දෙකක්

දරුවෙකුට “මම සුරක්ෂිතයි” කියා දැනෙන රටක් Read Next

දරුවෙකුට “මම සුරක්ෂිතයි” කියා දැනෙන රටක්

Realted Post

Leave a comment