මහනුවර උමං මාර්ග පද්ධතියේ කඩ කාමර වල භාණ්ඩ මහජනයාට ගමන් කිරීමට ඇති කොටසෙත් අවහිර කරලා

මහනුවර මහ නගර සභාව  වසර  තිහකට අධික කාලයක් තිස්සේ    පදික වේදිකා අවහිර කරමින් අනවසර වෙළඳාමේ යෙදී  සිටි පදික වෙළඳුන්  ඉවත්  කලද ,මහනුවර නගරයේ උමං  මාර්ග  ඇතුලත  කඩ හිමියන්  තම  කඩ කාමරයෙන් පිටත  ,මහජනතාව ගමන් කරන කොටස   ආක්‍රමණය  කර  තිබෙන බව එම උමං මාර්ගයේ  ගමන්  කරන  ජනතාව  පවසති.

මෙම උමං මාර්ගය  තුල  ස්ථාපිත කර  තිබෙන  වෙළඳ කුටි   වලින්  පිටතද   විවිධ  විසිතුරු  බඩු   අළෙවි   කිරීමෙන්   අධික  මහජන තදබදයක්  ඇති වන විට උමං මාර්ග පද්ධතිය තුල  මහජනතාවට   ගමන් කිරීම  අපහසු වන බව  ඔවුන්  පවසති.

ඡායාරූප වලින්දැක්වෙන්නේ  උමං මාර්ග  තුල  මහජනතාව ගමන් කරන කොටසත් වෙළඳුන් ආක්‍රමණය කර ඇති ආකාරයයි.

ජේ.ඒ.එල්  ජයසිංහ

මුල් ළමාවිය දරුවන්ගේ සෞඛ්‍ය ප්‍රවර්ධනයට අලුත් වැඩක් Read Previous

මුල් ළමාවිය දරුවන්ගේ සෞඛ්‍ය ප්‍රවර්ධනයට අලුත් වැඩක්

​තාක්ෂණය භාවිතයේදී ළමා ආරක්ෂණය වෙනුවෙන් ප්‍රතිපත්තියක්. - ​- අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය Read Next

​තාක්ෂණය භාවිතයේදී ළමා ආරක්ෂණය වෙනුවෙන් ප්‍රතිපත්තියක්. - ​- අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

Realted Post

Leave a comment