මහනුවර දිස්ත්‍රික්කයේ උඩුවෙල ගමේ කන්දක් මුදුනේ ඉදිවන අවදානම් හෝටලයට එරෙහිව විරෝධයක්

බරපතළ නායයාමේ අවදානමක්  පවතින මහනුවර දිස්ත්‍රික්කයේ උඩුවෙල දළුපොතකඩ කන්දේ ඉදිකරමින්  පවතින මහල් කීපයකින් යුතු හෝටල් සංකීර්ණය  හේතූවෙන් ගම්මාන රැසක ජනතාවගේ ජීවිත අවදානමක පවතින බව දළුපොතකඩ නගරයේදී  මෙම හෝටල් සංකීර්ණය⁣ට විරෝධය පලකර පැවති උද්ඝෝෂණයකට  එක්වූ ජනතාව පැවසූහ.

අළුපොතකඩ ,මොණරංගල ,වතුලියද්ද , බෝගහලන්ද ,,සිල්ලරතැන්න, කන්දේගම ආදී ගම්මාන වල  ජනතාව මෙම හෝටලය නිසා අවදානමකට  ලක්ව සිටින බව එම ගම්වල ගම්වාමීන් සහ මෙම හෝටල් සංකීර්ණයට විරෝධය දක්වන ජනතාව මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ද  පවසති.

මෙම හෝටල් සංකීර්ණය ඉදිකිරීමේදී පැරණි ගම් සභා මාර්ගයක් මෙන්ම ජල මූලාශ්‍ර රැසකටද  අවහිරතා ඇතිවී තිබෙන බව විරෝධතාවයට  එක්වූ  ජනතාව පැවසූහ.

මෙම හෝටල් සංකීර්ණය අවදානම් සහිත කඳු මුදුනක ඉදාකිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය  අවසර දී ඇද්ද ,එසේ අවසර දී ඇත්නම් කුමන පදනමක යටතේද යන්න ප්‍රශ්ණ කරන ජනතාව මේ සම්බන්ධව වහා සොයා බලන්නැයි  මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ  ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ  වගකිව යුතු බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.


ජේ   ඒ  එල්  ජයසිංහ

නිරොගී වයස්ගත් වීමකට යෝග Read Previous

නිරොගී වයස්ගත් වීමකට යෝග

මව් පදවිය ක්‍රියාශීලි ජීවිතයකට රුකුලක් කරගන්න Read Next

මව් පදවිය ක්‍රියාශීලි ජීවිතයකට රුකුලක් කරගන්න

Realted Post

Leave a comment