මාතලේ දිස්ත්‍රික් ක්‍රිකට් සම්මාන ප්‍රදානය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක දිස්ත්‍රික් ක්‍රිකට් සංගම්වල සම්මාන ප්‍රද්නෝත්සවයන් අතර මාතලේ දිස්ත්‍රික් ක්‍රිකට් සම්මාන ප්‍රදානය   ඉකුත්දා ඉතා උත්කර්ෂවත් අන්දමින් මාතලේ හෝටල් පාසල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. 

මෙහිදී එම දිස්ත්‍රික්කය තුළ දක්ෂතා දක්වන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ 150 දෙනෙකු වෙනුවෙන් කුසලාන වලට අමතරව සහතික පත් 297 ක් පිරිනැමිණ. 

අදාළ සම්මාන ප්‍රධානෝත්සවයේදී 2024 වසරේ කැපී පෙනෙන දක්ෂතා දක්වන ලද වසරේ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව වෙනුවෙන්ද මෙහිදී කුසලාන පිරිනැමීමට පියවර ගන්නා ලදී. මෙහිදී වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් කවීෂ ලියනාරච්චිද සහ ක්‍රීඩිකාව ලෙසින් යසන්ති හේරත්ද  සම්මාන දිනාගත්හ. 

මීට අමතරව අවු. 13 න් පහළ. 15 න් පහළ සහ අවු. 17 න් පහළ වයස් කාණ්ඩවල දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින්ටද වයස අවු. 19 න් පහළ සහ 23න් පහළ වයස් කාණ්ඩයේ බාළිකා අංශයේ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද සම්මාන පිරිනැමිණ.

 මෙම සම්මාන ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයින් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද මහතා සහ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරනු ලබන ප්‍රභාත් ජයසූරිය සහභාගිවූහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න 

වට්ටන්න බැරි බිස්නස් එකක් එයා ගොඩනංවපු හැටි Read Previous

වට්ටන්න බැරි බිස්නස් එකක් එයා ගොඩනංවපු හැටි

මනසට සැනසීමක් ගේන  ආශිර්වාදය, එන්න යන්න පාසිකුඩා Read Next

මනසට සැනසීමක් ගේන ආශිර්වාදය, එන්න යන්න පාසිකුඩා

Realted Post

Leave a comment