වීර පුරන්අප්පු 178 වැනි ගුණානුස්මරණයට

‘මාතලේ 1848 කැරැල්ල’ කෘතිය අමිල් නිරෝෂන්ට පිළිගැන්වේ

ප්‍රවීණ ලේඛක කමල් පී. අලහකෝන් මහතා විසින් රචිත “වීර පුරන්අප්පු හෙවත් මාතලේ 1848 කැරැල්ල” කෘතිය, වීර පුරන්අප්පුගේ 178 වැනි ගුණානුස්මරණය නිමිත්තෙන් සර්වජන බලය මාතලේ ප්‍රධාන ආසන සංවිධායක හිටපු නියෝජ්‍ය නගරාධිපති හා නාගරික මන්ත්‍රී අමිල් නිරෝෂන් ඉන්ද්‍රරත්න මහතා වෙත පිළිගැන්වීම සිදු කෙරිණි.

මෙම කෘතිය පිළිගැන්වීම මාතලේ මහ නගර සභා පරිශ්‍රයේදී සිදු වූ අතර, 1848 මාතලේ කැරැල්ලේ ප්‍රධාන නායකයකු වූ වීර පුරන්අප්පුගේ ඓතිහාසික භූමිකාව සහ එම අරගලයේ වැදගත්කම පිළිබඳව නව පරපුර දැනුවත් කිරීම සඳහා මෙවැනි කෘතිවලට විශේෂ වැදගත්කමක් හිමි වේ.

ශ්‍රී ලංකාවේ නිදහස් අරගල ඉතිහාසයේ සුවිශේෂී පරිච්ඡේදයක් වන 1848 මාතලේ කැරැල්ල හා එහි නායකත්වය පිළිබඳ කරුණු ලේඛනගත කරමින් රචනා කර ඇති මෙම කෘතිය, ඉතිහාසය පිළිබඳ උනන්දුවක් දක්වන පාඨකයන්ට මෙන්ම අනාගත පරපුරටද වැදගත් මූලාශ්‍රයක් ලෙස සැලකිය හැකිය.

වීර පුරන්අප්පුගේ 178 වැනි ගුණානුස්මරණය සමඟින් ඔහුගේ ඓතිහාසික මෙහෙවර නැවත සිහිපත් කිරීමට මෙවැනි කෘතියක් පිළිගැන්වීමද සුවිශේෂී අවස්ථාවක් විය.

ඇය රණවිරු තරුවක් Read Previous

ඇය රණවිරු තරුවක්

ඇය රණවිරු තරුවක් Read Next

ඇය රණවිරු තරුවක්

Realted Post

Leave a comment