විරෝධතා කරුවන් අගමැති බිරිඳව පණපිටින් ගිනි තබලා

නේපාලයේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන ජහාල් නාත් ඛානල්ගේ බිරිඳ, විරෝධතාකරුවන් අතින් ජීවිතක්ෂයට පත්වූවාය. 

ඒ විරෝධතාකරුවන් හිටපු අග්‍රාමාත්‍යවරයකු වන ජහාල් නාත් ඛානල්ගේ නිවසට ගිනි තැබූ අවස්ථාවේදීය.

තරුණ විරෝධතාකරුවන් හිටපු අග්‍රාමාත්‍යවරයකු වන ජහාල් නාත් ඛාන‍්ගේ නිවසට ගිනි තැබුවේ බිරිඳ එම නිවස තුළ සිරකරමින් යැයි ද පැවැසෙනවා. 

තරුණ තරුණියන් 21 කට මරු කැඳවූ විරෝධතාවලට අවසන් කරමින් ඒ සඳහා ව්‍යවස්ථාමය විසඳුමක් සෙවීම සඳහා තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව නේපාල අග්‍රාමාත්‍ය කේ.පී ෂර්මා ඔලී  පවසා තිබෙනවා. 

කෝපයට පත්වූ විරෝධතාකරුවන්  නේපාල ජනාධිපති රාම් චන්ද්‍ර පොඩල් සහ අගමැති ඔලීගේ පෞද්ගලික නිවාස ගිනිතබා තිබූ අතර ඉහළ පෙළේ දේශපාලනඥයන් කීපදෙනකුගේ නිවාසවලට අලාභානි කර තිබිණා. 

නේපාලයේ හිටපු අග්‍රාමාත්‍ය පුෂ්ප කමල්ගේ නිවසටද විරෝධතාකරුවන් අලාභානි කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. 

විරෝධතාකරුවන් අලාභානි කළ නිවාස අතරට අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ නිවෙස් ද අයත් වනවා. 

එහිදී නේපාල ජනාධිපති රාම් චන්ද්‍රගේ නිවසට අලාභානි කරන අයුරු දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් සංසරණය වුණා. 

එසේම විරෝධතාකරුවන් නේපාල පාර්ලිමේන්තුවට කඩාවැදී තිබූ අතර එහි තිබූ බඩු භාණ්ඩවලට අලාභානි කරමින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලටද විරෝධතාකරුවන් ගිනි තබා තිබුණා. 

විරෝධතාකරුවන් නේපාල අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවට නිවේදනය කර තිබූ අතර දිගින් දිගටම විරෝධතා ප්‍රචණ්ඩවීමත් සමග නේපාල ස්වදේශ කටයුතු, කෘෂි කර්ම, සෞඛ්‍ය, තරුණ හා ක්‍රීඩා කටයුතු සහ ජලය පිළිබඳ අමාත්‍යාංශ බාර අමාත්‍යවරුන් සියල්ලම සිය ධුරවලින් ඉල්ලා අස්වූ අතර තවත් අමාත්‍යවරුන් කීපදෙනෙකු ඔවුන් සිය ධුරවලින් ඉල්ලා අස්වන බවට නිවේදනය කර තිබෙනවා. 

ලංකාදීප වෙබ් අඩවිය ඇසුරින් 

සටහන - කසුනි විජේසිංහ

විලාසිතා කරන ඔබ දැන්ම බලන්න | Sirikatha online | My Style | Fashion Read Previous

විලාසිතා කරන ඔබ දැන්ම බලන්න | Sirikatha online | My Style | Fashion

පිරිමින්ගේ රහස් ලොවට පවසන ’’වයිෆ්’’  දින 100 පසුකරයි Read Next

පිරිමින්ගේ රහස් ලොවට පවසන ’’වයිෆ්’’ දින 100 පසුකරයි

Realted Post

Leave a comment