රන්වන් සමකට සැෆ්‍රන් මුහුණට


සැෆ්‍රන් යනු පුෂ්පයකින් ගන්නා කුළු බඩු විශේෂයකි. Crocus Stivus නමින් විද්‍යාත්මකව හැඳින්වෙන මලේ රේණු සැෆ්රන් ලෙස හඳුන්වන අතර බොහෝ විට මේ මල හඳුන්වන්නේ Saffron Crocus නමිනි.


ඉන්දියාව, ඉරානය, තුර්කිය, ග්‍රීසිය වැනි රටවල වගා කෙරෙන සැෆ්රන් පුෂ්පය කල් ඉකුත් නොවී වසර කිහිපයක්ම තබා ගන්නට හැකියාව පවතී. මිල අධිකම Neging saffron ඇත්තේ ඉරානයේය. ඒ වගේම කුංකුම, එහෙමත් නැත්නම් සැෆ්රන් ලෝකයේ ජනප්‍රියම වටිනාම මිල අධිකම කුළු බඩු වර්ගයකි. සැෆ්රන් බහුලව යොදාගන්නේ ඉන්දියානු සහ මුස්ලිම් කාන්තාවන් වන අතර ඔවුන්ගේ ආහාර රටාවට සහ රූපලාවන්‍ය සත්කාර වලට සැෆ්රන් බහුලව යොදු ගනු ලබයි. කුංකුම හෙවත් සැෆ්රන් වලින් ලස්සන වෙන ආකාර කිහිපයකි මේ.

හොඳ සැෆ්‍රන් හඳුනා ගන්නේ කොහොමද?

ගුණාත්මක බවින් ඉහළ සැෆ්රන් නම් රේණු ටිකකට ජලය එකතු කළ විට එය ජලය මත පා වෙමින් පවතී. ක්‍රමයෙන් ළා කහ පැහැයට හැරි මිනිත්තු දහයක් විසක් තුළ ජලය මුළුමනින්ම කහ පැහැයට හැරෙනු ඇත.

වයස්ගතවීම වළක්වයි.

කුංකුම ප්‍රතිඔක්සිකාරක (Cocin සහ Saframal) වලින් පොහොසත් වන අතර එය විවිධ ආකාර වලින් සිදුවන හානි වලින් සම ආරක්ෂා කරනු ලබයි. එමෙන්ම කුංකුම්වල ඇති ප්‍රතිඔක්සිකාරක මෙම අස්ථායි අණු උදාසීන කරමින් සමට තරුණ හා දීප්තිමත් පෙනුමක් ලබා දෙනු ඇත

සම පැහැපත් කරයි

කුංකුමම්වල විටමින් සී (ඇස්කෝර්බික් අම්ලය) අඩංගු වන අතර එය සමේ පැහැය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.

  • පිග්මන්ටේෂන් පාලනය කරයි.
  • සමට තෙතමනය ලබා දෙයි
  • ඇස් වටා අඳුරුබව නැති කරයි
  • "කුරුලෑ ඉවත් කිරීමට සැෆ්රන් ඉතා සුදුසුය.
  • සැෆ්රන් සම පැහැපත් කළත් ඔබේ සම සුදු කරන්නේ නැති බවත් සමේ ස්වාභාවික වර්ණය දීප්තිමත් කිරීමට පමණක් උදව් වන බවත් සිහි තබා ගතයුතුය.
  • මානසික ආතතිය දුරු කරයි
  • දෑස් නීරෝගි කරයි
  • ඔසප් සමයේ ඇතිවන අපහසුතා සහ සංකූලතා අවම කරයි
  • පිළිකා සෛල විනාශ කරයි
  • මතක ශක්තිය වර්ධනය කරයි
  • ශරීරයේ හෝමෝන සමතුලිතතාව පවත්වා ගෙන යාමට උපකාරී වෙයි.
  •  

සැෆ්‍රන්වලින් සමට සත්කාර

සැෆෆ්රන් මිල්ක් ෆේස් පැක්

  1. සුදු හඳුන් තේ හැඳි 2 ක්
  2. මී කිරි තේ හැඳි 2 ක්
  3. සැෆ්රන් රේණු ප්‍රමාණයක් යෝගට් හැන්දක
  4. රෝස වතුර ස්වල්පයක්

පිරිසුදු භාජනයක් ගෙන මීකිරි, සුදු හඳුන්, සැෆ්රන්, රෝස වතුර එක් කර තලපයක් සේ මිශ්‍රණය සාදා ගන්න. පසුව මුහුණේ ආලේප කර විනාඩි 20, 25 පමණ වේලාවක් තබා සාමාන්‍ය ජලයෙන් සෝදා ඉවත් කරන්න. මෙය සතියකට වතාවක් සිදු කිරීමෙන් ඉක්මනින් සම පැහැපත් කර ගතහැකිය.

කුරුලෑ සහ ලප කැළැල් සහිත සමට ක්ලෙන්සර්

  1. කෝමාරිකා මදයෙන් මේස හැඳි 2 ක්
  2. සැෆ්රන් රේණු යෝගට් හැන්දක ප්‍රමාණයක්

පිරිසුදු භාජනයක් ගෙන කෝමාරිකා මදය සහ සැෆ්රන් එකතු කර කෝමාරිකා මදය කහ පැහැයට හැරෙන තුරු විනාඩි පහක් පමණ තබන්න. පසුව එය මුහුණේ ආලේප කර විනාඩි 5 ක් පමණ තබා සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න. මෙය සතියකට දින දෙකක් නොකඩවා සිදු කිරීමෙන් කුරුලෑ තත්ත්වය අඩු වී ලප කැළැල් මැකී සමට රන්වත් පැහැයක් ගෙන දෙනු ඇත.

පිග්මන්ටේෂන් සහිතසමකට

  1. සැෆ්රන් යෝගට් හැන්දක ප්‍රමාණයක්
  2. මී පැණි තේ හැන්දක්
  3. කස්තුරි කහ මේස හැන්දක්
  4. අර්තාපල් අල යුෂ තේ හැන්දක්

මේ සියල්ල එකට මිශ්‍ර කර තලපයක් සේ සකසා මුහුණේ ආලේප කර විනාඩි 10-15 අතර කාලයක් තබා සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න. අල යුෂ සැෆ්රන් පිග්මන්ටේෂන් පාලනයට ඉතාම තත්ත්වය ගුණදායක වේ.
විවාහයට සූදානම් වන ඉන්දියානු යුවතියන් උදෑසනට එළකිරි වලට සැෆ්රන් මිශ්‍රකර පානය කරන අතර ශරීරය කෙට්ටු යුවතියන් සිරුරේ මහත වැඩි කරගැනීමට ද උදෑසනට සැෆ්රන් කිරි සමග මිශ්‍ර කර පානය කරයි.

නදීශා අතුකෝරළ
උපදෙස් -ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී සරණි විතානගේ

ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගයේ ජය ශ්‍රී ලංකාවට... Read Previous

ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගයේ ජය ශ්‍රී ලංකාවට...

ප්‍රේමයේ දියසුලියෙන් රසිකයන් පිනවපු  Dimithri Read Next

ප්‍රේමයේ දියසුලියෙන් රසිකයන් පිනවපු Dimithri

Realted Post

Leave a comment