MY WEDDING - දෙවැනි ගමනට ඔසරියක්

මනාලියක්වීම  යුවතියකගේ සිහිනයකි.  එදිනට  උත්සවයට සහභාගි වන අයගෙන්  ඇය කැපී පෙනෙන්නේ  අලංකාර  මංගල  ඇඳුමෙනි. මනාලියගේ  දෙවැනි ගමන සඳහා අලංකාර ලෙස ඔසරිය සකස් කරගන්නා ආකාරය යි මේ.

  • හැට්ටය සකස් කරගන්නා ආකාරය

අවශ්‍ය මිමි
උරහිස
ඉහළ උරහිස 
පපුව වට
ඉදිරිපස ඉණ දක්වා උස 
පිටුපස ඉණ දක්වා උස
ඉණවට
පපුව වට
පපුව අඩිය වට
පපුව දක්වා උස
පපුව ඉණ දක්වා උස
කර ගැඹුර ඉදිරිපස
කර ගැඹුර පිටුපස
උරහිස පළල
අත් කට 
අත දිග 
අත අග වට මිම්ම 
අංශය

  • පතොරම සකස් කරගන්නා ආකාරය

කඩදාසියක් ගෙන දෙකට නවා විවරයේ සිට අඟලක් අතහැර රේඛාවක් අඳින්න. උරහිස දෙකට බෙදා අඟලක් අඩු කර ඉහළින්ම ලකුණු කරන්න. අඟල්  1  1/2ක් උරහිස පාත් කර නැවත හැඩ රේඛාව අඳින්න.
උරහිස දෙකට බෙදූ අගයට අඟල් 1/2 ක් එකතු කර රැගල්  රේඛාව අඳින්න. ඉහළ  කෙළින් උරහිසේ සිට පපුව දක්වා උස , පපුව අඩිය දක්වා උස ඉණ දක්වා උස ලකුණු කරන්න. ඉහළ උරහිස අගය හතරට බෙදා රැගල් රේඛාවේ ලකුණු  කරන්න. උරහිස රේඛාව හා රැගල් රේඛාව අතර මැද රේඛාවක් අඳින්න. ඉහළ  ලකුණු කළ උරහිස අගයෙන් තවත් අඟල් 1/2 ක් අඩු කර අඟල අතහැර ලකුණු  කළ රේඛාවේ සිට අත් කට පැත්තට ලකුණු  කරන්න. පහත්  ලකුණු කළ උරහිස හා එම ලක්ෂ්‍යය යා කර රැගල් රේඛාව දක්වාම දික් කරන්න. එම ලක්ෂ්‍යය හරහා යන ආකාරයට අත්කට දෙකට බෙදූ අගය සමාන වන තෙක් ටේප් එක තබා අත්කට හැඩය ඇඳගන්න.
පපුව රේඛාවේ පපුව මිම්ම හතරට බෙදා ලකුණු කරන්න. පපුව අඩිය මිම්ම හතරට බෙදා පපුව අඩිය රේඛාවේ ලකුණු කරන්න. ඉණ රේඛාවේ ඉණ මිම්ම හතරට බෙදා ලකුණු  කරන්න. ඉණ රේඛාවේ පහළින් වාටිය සඳහා අඟලක් ලකුණු  කර වාටිය රේඛාව අඳින්න.
පපු පරතරය දෙකට බෙදා පපුව අඩිය රේඛාවේ හා පපු රේඛාවේ ලකුණු කරන්න. පපුව රේඛාවේ එම ලක්ෂ්‍යය දෙපසින් අඟල බැගින් ලකුණු  කරන්න.පහළින් ද අඟලක් ලකුණු කරන්න.
පෙර මැද සම්පූර්ණ ඩාට් එක අඟල් තුන්කාලයි. මැද ඩාට් එක සම්පූර්ණ අඟල්  1  1/2ක් ද අංශ ඩාට්එක අඟල් 2ක් ද වන සේ ඩාට් ලකුණු  කරන්න. පපුව අඩිය ඩාටය දෙපස පෙරමැද හා අංශය හැඩ  කිරීම රූපයේ ආකාරයට පෙරමැදින් අඟලකුත් අංශය පැත්තෙන් අඟල්  1  1/2කුත් ඉහළට ලකුණු කර හැඬ කරගන්න.
පපුව අඩිය රේඛාව හතරෙන්  බෙදූ අගය එහි ඩාට් අතහැර මැනගන්න. එම රේඛාව එළියට දික් කර අදාළ අගය ලැබෙන තෙක් මැන ලකුණු කරගන්න. යට යෝක් කොටසේ එම අගයම ඩාටය සමග  මැන නැවත එම රේඛාවේම ලකුණු කරන්න. ඉණ මිම්ම හතරෙන් බෙදා එන අගය ඉණ  රේඛාවේ හා වාටිය රේඛාවේ ලකුණු කරන්න. එතැන සිට දෙවැනි ආකාරයට පපුව අඩිය මිම්ම මැනගත් ස්ථානයට යා කරන්න.(කඩ ඉරිවලින් රූපයේ පෙන්වා  ඇත.)
පපුව අඩිය වක්‍ර රේඛාව හරහා කපා පතොරම කොටස් දෙකකට සකස්කර ගන්න
අංශයට මැහුම් වාසි අඟල්  1 1/2ක් කර වට මැහුම් වාසි අඟල් කාලයි. අනික් සියලු රේඛාවල  මැහුම් වාසි අඟල් භාගය බැගින් තබන්න. කර ගැඹුර හා කර හැඩය අවශ්‍ය ලෙස ගෙන කර සකස් කරගන්න.
පිටුපස පළුව

  • පතොරම සකස් කරගන්නා ආකාරය

කඩදාසිය දෙකට නවා නැම්මේ සිට මූලික හැට්ටයේ ආකාරයට පිටුපස පළුව සකස් කරගන්න.   උරහිස දෙකෙන් බෙදා අඟලක් අඩු කර උරහිස රේඛාවේ ලකුණු  කර නැවත අඟල් 1 1/2ක් පහත් කරන්න. රැගල් රේඛාව පපුව රේඛාව ඉණ රේඛාව ඇඳ එම අගයන් හතරෙන් බෙදා හරස් රේඛා වල ලකුණු කරන්න. අත් කට අගය දෙකෙන් බෙදා එම අගය ලැබෙන ආකාරයට ටේප් එක තබා වක්‍රාකාරව රැගල් රේඛාව දක්වා අත්කට වක්‍රය ඇදගන්න. අවශ්‍ය හැඩය හා ගැඹුර ලකුණු  කර පිටුපස කර හැඩය අඳින්න.

  • අත සකස්කර ගැනීම

සුලු රැලි සහිත පෆ් අතක් සකස්කර ගැනීමට පළමුව නැම්මේ සිට අඟලක් ඇතුළට හා ඉහළ  සිට අඟලක් පහළට ද ලකුණු කර රේඛා ඇඳ එතැන් සිට මූලික අත් ඇඳගන්න. අත්කට වක්‍ර හැඩය අදින විට ඉහළ  වක්‍රය නැම්මේ ඉහළ  මුල්ල දක්වාම රූපයේ ආකාරයට හැඩ කර ඇඳගෙන වැඩි කොටස රැලි කර හැට්ට කොටසට අල්ලා ගන්න.
ඉහත සඳහන් කර ඇති ආකාරයට පළමුව ලයිනින් රෙදි කොටස් හා ප්‍රධාන රෙද්දේ කොටස් කපාගන්න. 
මෙම හැට්ටය රතු පැහැති  මංගල ඇම් සඳහා යොදාගන්න. උසස් මට්ටමේ කට්ලෝන් රෙදිවලින් නිර්මාණය කර ඇත. එයට 3D ආකාරයේ රන් පැහැ ලේස් රෙදි කොටසක ඇති මල් හා හැඩ කොටස් කපාගෙන හැට්ටය මසා ගත් පසුව රෙදි ඇලවීමට ගන්නා ගම් වර්ගයක් භාවිතයෙන් අලවා අලංකාර කරගත  හැකිය.
ඔබගේ  රුචිය පරිදි ඕනෑම පාටකින් හා මෝස්තරයකින් විවිධ රෙදි වර්ග වෙළෙඳපොළෙන් මිලදී ගත හැකිය.
එලෙසම විවිධ ස්ටෝන් බීඩ්ස් වැනි අමුද්‍රව්‍ය භාවිතයෙන් අලංකාර කරගත හැකිය.

  • රෙද්ද සකස් කරගන්නා ආකාරය

ඔබට මංගල ඔසරියකට යට සාය භාවිත නොකර ලයිනින් භාවිතා කර රෙද්ද සකස් කළ හැකිය. එලෙස සකස් කිරීමේදී පොප්ලින් වැනි කොට්න් ‍රෙදි ලයිනින් සඳහා යොදාගන්නා අතර මෙම ඔසරිය සදහා කට්ලෝන් රෙදි භාවිත කර ඇති නිසා තවත් දිලිසෙන ආකාරයේ (වැලන්ටිනා, ඇමරිකන් ක්‍රේප් වැනි ) සුදුසු රෙදි කොටසකින් ලයිනින් කරගත යුතුයි. ප්‍රධාන රෙද්ද හැඩ කරගැනීම සඳහා හැට්ටයේ භාවිත කළ 3D ලේස් රෙදි වලින්ම මල් හා අනිකුත් කොටස් කපා වෙන් කරගෙන ඔසරියට ගැළපෙන ආකාරයට සකස් කර අලවා ගන්න.රූපයේ ආකාරයට රෙදි කොටස කපා ලයිනින් කර එකවර ඩාට් මසා ගන්න. ඉණට පටිය ද රෙදි කොටස් තුනම එකට තබා මසා ගන්න.
නෙරිය කොටසද සුදුසු ආකාරයට හැඩ දමා ගන්න. මෙහි නෙරිය සඳහා ලයිනින් අවශ්‍ය නොවේ. නමුත් ඔබ නෙට් වැනි රෙදි වලින් මෙම ඔසරිය නිර්මාණය කර ගන්නේ නම් නෙරිය සඳහා ලයිනින් යොදා ගැනීමෙන් අලංකාරය වැඩිකරගත හැකිය.

  • පොට සකස් කිරීම

පොට දිග මැන ගැනීම
උකුළ ප්‍රමාණයේ සිට උරහිස දක්වාත් එතන සිට පිටුපසින් විළුඹ දක්වාත් මැන ගන්න. මීට අමතරව ටේල් ආකාරයේ පොටක් අවශ්‍ය නම් ඒ සඳහා ඔබට අවශ්‍ය දිගක් එම අගයට එකතු කර ගන්න. ටේල් එක ආකාරයට සකස් කර ඇති පැත්ත ඔබට අවශ්‍ය හැඩයට කපා සකස් කර ගත හැකිය. එම හැඩ සඳහා ඔසරියට ගැළපෙන පාට වල ස්ටෝන් බීඩ්ස් වැනි දෑ යොදා මල් හෝ විවිධ හැඩ වලට අලවා ගන්න. ෆැබ්‍රික් ග්ලූ හෝ B6000 වැනි ගම් මේ සඳහා සුදුසුයි.

 

චිත්‍රපට, සංස්කෘතිය සහ සහයෝගීතාවය සමරමින් දීපා මේතා ශ්‍රී ලංකාවට Read Previous

චිත්‍රපට, සංස්කෘතිය සහ සහයෝගීතාවය සමරමින් දීපා මේතා ශ්‍රී ලංකාවට

ගේ පුරාම කුණු  එකතු කරන්න හිතෙන Hoarding disorder Read Next

ගේ පුරාම කුණු එකතු කරන්න හිතෙන Hoarding disorder

Realted Post

Leave a comment