ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් මඟින් ශ්‍රී ලාංකික සිසුන්ට ජාත්‍යන්තරව පිළිගත් උපාධි

SLT-MOBITEL Nebula Institute of Technology, එක්සත් රාජධානියේ London South Bank University (LSBU) සහ Pearson Education Limited එක්ව ක්‍රියාවට නංවන වැඩපිළිවෙළක්

SLT-MOBITEL Nebula Institute of Technology ආයතනය, එක්සත් රාජධානියේ London South Bank University (LSBU) සහ Pearson Education Limited සහ අතර සුවිශේෂී ත්‍රෛපාර්ශ්වික ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණි. මෙම ගිවිසුම තුළින් ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ට ජාත්‍යන්තර පිළිගැනීමක් හිමි උපාධි හැදෑරීම සඳහා නව අවස්ථා රාශියක් උදා වනු ඇත. රටේ දියුණුව උදෙසා සාධනීය දායකත්වයක් ලබාදෙනු පිණිස මෙරට තරුණ පරපුර දැනුම තුළින් සවිබල ගැන්වීම මෙම හවුල්කාරීත්වයේ ප්‍රධානතම අරමුණ වී තිබේ.

SLT සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් ශාලාවේදී මෙම ගිවිසුමට අත්සන් තබන ලද අතර, එක්සත් රාජධානියේ London South Bank University හි සහකාර උප කුලපති මහාචාර්ය රොඩ්නි ඩේ, London South Bank University හි LSBU Global ආයතනයේ අධ්‍යයන කටයුතු ප්‍රධානී මහාචාර්ය රවීන්ද්‍රන් සුන්දරරාජන් සහ Pearson South Asia හි කලාපීය කළමනාකරු සූරිය බිබිලේ යන මහත්වරුන් ඇතුළුව ආයතන තුන නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් එම අවස්ථාවට එක්ව සිටියහ. SLT-MOBITEL සහ Nebula Institute of Technology නියෝජනය කරමින් ප්‍රධාන විධායක නිලධාරී රියාස් රෂීඩ් මහතා සහ ප්‍රධාන මානව සම්පත් නිලධාරී ආචාර්ය නලීන් ජයසූරිය මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

SLT-MOBITEL හි අධ්‍යාපන අංශය ලෙස ක්‍රියාත්මක වන Nebula Institute of Technology, මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් උසස් අධ්‍යාපනයක් හිමිකර ගැනීමට අවස්ථාව උදා කර දෙයි. LSBU සහ Pearson සමඟ ඇති කරගත් මෙම හවුල්කාරීත්වය මඟින්, මෙරට සිසුන්ට ගෝලීය අධ්‍යාපන සුදුසුකම් හිමිකර ගැනීමට අවස්ථාව උදා කර දෙන ආයතනයක් ලෙස Nebula Institute ඉටුකරමින් සිටින කාර්යභාරය තවදුරටත් පුළුල් වනු ඇත. Nebula Institute දැනටමත් University of Hertfordshire සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යන අතර, නව ගිවිසුම එහි ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැකි වේ. එමෙන්ම, අධ්‍යාපන මෙරට සිසු පරපුරේ  කුසලතා වැඩිදියුණු කිරීම සඳහා ප්‍රබල මෙවලමක් ලෙස භාවිතා කිරීමට SLT-MOBITEL දරන උත්සාහය මෙම ගිවිසුම මඟින් තවදුරටත් ශක්තිමත් වනු ඇත. 

මෙම ගිවිසුම පිළිබඳ අදහස් දක්වමින් Pearson හි Enterprise Learning & Skills අංශයේ උප සභාපතිනිය වන ජේන් බේකර් මහත්මිය මෙසේ පැවසුවාය:

“Pearson, London South Bank University සහ SLT-MOBITEL Nebula Institute of Technology අතර ඇති කරගත් මෙම ත්‍රෛපාර්ශ්වික ගිවිසුම, සිසුන්ට වඩාත් ඵලදායී අධ්‍යාපනික විසඳුම් පිරිනැමීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට මෙම ආයතන තුන දක්වන කැපවීම මැනැවින් පිළිබිඹු කරනවා. රැකියා ලෝකයේ සැබෑම අවශ්‍යතාවන්ට ගැළපෙන උසස් අධ්‍යාපනයක් සිසුන් වෙත ලබාදෙමින් ඔවුන්ට තම හැකියාවන්ගේ උපරිමය වෙත ළඟා වීමට අවස්ථාව උදාකර දීම මේ ආයතන තුනෙහිම පොදු අරමුණයි.  Pearson හි උපාධි මට්ටමේ Higher National සුදුසුකම් සමඟින් සිසුන්ට ජාත්‍යන්තරව පිළිගත් උපාධි සුදුසුකම් පිරිනැමීමට හැකි වීම අපට මහත් සතුටක්.”  

මහනුවර වසර 150ක් පැරණි කැන්ඩි ක්ලබ් ඉතිහාසය අඩංගු ග්‍රන්ථය Read Previous

මහනුවර වසර 150ක් පැරණි කැන්ඩි ක්ලබ් ඉතිහාසය අඩංගු ග්‍රන්ථය

ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් මඟින් ශ්‍රී ලාංකික සිසුන්ට ජාත්‍යන්තරව පිළිගත් උපාධි Read Next

ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් මඟින් ශ්‍රී ලාංකික සිසුන්ට ජාත්‍යන්තරව පිළිගත් උපාධි

Realted Post

Leave a comment