සෙලාන් බැංකුව ටොයොටා ලංකා සමඟ ලීසිං පහසුකම්

සෙලාන් බැංකුව සහ ටොයෝටා ලංකා (පුද්ගලික) සමාගම අතර විශේෂ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණි. ටොයෝටා ලංකා සමාගම වෙතින් මගී සහ වාණිජ රථවාහන මිලදී ගන්නා පාරිභෝගිකයන්ට විශේෂ ලීසිං පහසුකම් පිරිනැමීම මෙහි අරමුණයි. මෙම හවුල්කාරීත්වය යටතේ රථවාහන ගැනුම්කරුවන්ට වඩාත් කාර්යක්ෂම අනුමත කිරීමේ ක්‍රියාවලියක් සමඟින් තරගකාරී මූල්‍ය විසඳුම් හිමි වනු ඇත.

මෙය මූල්‍ය සේවා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සෙලාන් බැංකුව සතු විශේෂඥ දැනුම සහ ශ්‍රී ලංකාවේ මෝටර් රථවාහන ක්ෂේත්‍රය තුළ ටොයෝටා ලංකා සමාගම සතු දීර්ඝකාලීන පළපුරුද්ද එක්තැන් කරන හවුල්කාරීත්වයක් ලෙස හැඳින්විය හැකි වේ. මෙය ටොයෝටා රථවාහන මිලදී ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට සහ ව්‍යාපාරිකයන්ට සුභ ආරංචියක් වනු නිසැකය.

මෙම හවුල්කාරීත්වය යටතේ රථවාහන ගැනුම්කරුවන්ට වසර 7 ක් දක්වා වූ නම්‍යශීලී ආපසු ගෙවීමේ කාලසීමා, තරගකාරී පොලී අනුපාත සහ කඩිනම් අනුමත කිරීමේ ක්‍රියාවලියක් සහිතව සෙලාන් ලීසිං පහසුකම් ලබාගත හැකි වේ. මෙම කඩිනම් ක්‍රියාවලිය යටතේ, නිසි සුදුසුකම් සපුරාලන ගනුදෙනුකරුවන්ට පැය 24 ක් ඇතුළත ලීසිං පහසුකම් ලබාදීමට සැලසුම් කර ඇති අතර, එමඟින් ගැනුම්කරුවන්ට වඩාත් පහසු, කාර්යක්ෂම සහ තෘප්තිමත් ලීසිං සේවා අත්දැකීමක් හිමි වනු ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය වීමත් සමඟ විශ්වාසදායක මගී සහ වාණිජ ප්‍රවාහන පහසුකම් සඳහා ඇති ඉල්ලුම අඛණ්ඩව ඉහළ යමින් පවතී. මෙවැනි පසුබිමක් තුළ පුද්ගලයන්ට, පවුල්වලට සහ ව්‍යාපාරවලට වඩාත් කාර්යක්ෂම හා සුරක්ෂිත ප්‍රවාහන විසඳුම් අවශ්‍ය වී තිබේ. මෙම හවුල්කාරීත්වය හරහා එම අවශ්‍යතා සපුරාලීමට හැකි වනු ඇතැයි සෙලාන් බැංකුව බලාපොරොත්තු වෙයි.

මෙම හවුල්කාරීත්වය සම්බන්ධයෙන් සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාරිභෝගික බැංකුකරණ) යුජීන් සෙනෙවිරත්න මහතා මෙසේ අදහස් දැක්වීය: “Toyota Lanka සමඟ ඇති කරගත් මෙම හවුල්කාරීත්වය, අපගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට වඩාත් හොඳින් ගැළපෙන කාර්යක්ෂම මූල්‍ය විසඳුම් ලබාදීම සඳහා අප දරන අඛණ්ඩ උත්සාහයේ තවත් ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැකියි. ටොයෝටා ලංකා සමාගමේ මගී සහ වාණිජ රථවාහන මිලදගැනීම සඳහා මෙලෙස නම්‍යශීලී ආපසු ගෙවීමේ කාලසීමාවන් සහ කඩිනම් අනුමත කිරීමේ ක්‍රියාවලියක් සහිත ආකර්ෂණීය ලීසිං පහසුකම් හිමි වීම මඟින් ගනුදෙනුකරුවන්ට ප්‍රතිලාභ රාශියක් හිමි වේවි.”

ලීසිං පහසුකම් සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය පුරාම ගනුදෙනුකරුවන් වෙතටම පැමිණ උපදෙස් හා සහය නොමිලේ ලබාදීමට සෙලාන් බැංකුවේ ලීසිං විශේෂඥයෝ සූදානමින් සිටිති. එමෙන්ම සෙලාන් බැංකුවේ දීපව්‍යාප්ත ශාඛා ජාලය මඟින් ගනුදෙනුකරුවන්ට අයදුම් කිරීමේ ක්‍රියාපටිපාටි, ලිපිලේඛන කටයුතු සහ අනුමැතිය හිමිවීමෙන් පසු ක්‍රියාවලිය සඳහා උපරිම සහය හිමි වන නිසා ඔවුන්ට මූලික විමසීමේ සිට ලීසිං ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම දක්වා කිසිදු බාධාවකින් තොර කාර්යක්ෂම සේවාවක් හිමි වේ.

මේ සම්බන්ධයෙන් ටොයෝටා ලංකා (පුද්ගලික) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල මහතා මෙසේ අදහස් දැක්වීය: “ටොයෝටා ලංකා සමාගමේ දැක්ම වන ‘Mobility for All’ යන්න මඟින් නිරූපණය වන අරුත යථාර්ථයක් බවට පත්කිරීමේ උත්සාහයක් වශයෙන් මෙලෙස සෙලාන් බැංකුව සමඟ අත්වැල් බැඳගනීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. මෙමඟින් ජනතාවට, පවුල්වලට සහ ව්‍යාපාරවලට ඔවුන්ගේ දෛනික ජීවිත, රැකියා සහ ව්‍යාපාරික කටයුතු සඳහා අතිශයින් වැදගත් වන ටොයෝටා රථවාහන මාදිලි රාශියක් වඩාත් පහසුවෙන් මිලදීගැනීමට හැකි වේවි. මෙම හවුල්කාරීත්වය, පාරිභෝගිකයන්ට වැඩි පහසුවක් සලසමින් රට පුරා ජනතාවට කාර්යක්ෂම ගමනාගමනයක ප්‍රතිලාභ අත්විඳීමට අවස්ථාව සලසා දීම සඳහා දෙපාර්ශ්වය දක්වන පොදු උනන්දුව හා කැපවීම මැනැවින් නිරූපණය කරන පියවරක් ලෙස හැඳින්විය හැකියි.”

දියුණු ලෝකය  දකින්න නම්  English වලට ටච්  වෙන්න Read Previous

දියුණු ලෝකය දකින්න නම් English වලට ටච් වෙන්න

දියුණු ලෝකය  දකින්න නම්  English වලට ටච්  වෙන්න Read Next

දියුණු ලෝකය දකින්න නම් English වලට ටච් වෙන්න

Realted Post

Leave a comment