HNB නැන්දලා මාමලාගෙන් පුංචි පැටවුන්ට ’’සුපිරි වීර ජම්බෝ’’ ප්‍රිමියර් ෂෝ එකෙන් අමතක නොවන සතුටක්

කුඩා දරුවන්ගේ නොමද ආදරය දිනාගත් "සුපිරි වීර ජම්බෝ" ඇනිමේෂන් චිත්‍රපටයේ විශේෂ මංගල දර්ශනය (Premier) ඊයේ දිනයේදී හැව්ලොක් සිටි මෝල් (Havelock City Mall) හි පිහිටි ස්කෝප් සිනමා (Scope Cinemas) පරිශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

චිත්‍රපටයේ තේමාවට සහ සජීවී බවට උචිත වන පරිදි විශේෂයෙන් නිර්මාණය කරන ලද ආකර්ෂණීය ඡායාරූප මණ්ඩපයක් (Photo Booth) ද මෙම උත්සව පරිශ්‍රයේ ස්ථාපිත කර තිබූ අතර, පැමිණ සිටි පිරිස වෙත සිහිවටන ලෙස අලංකාර ඡායාරූප රාමු (Photo Frames) සහ නොයෙකුත් තෑගි බෝග පිරිනැමීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබුණි.

එමෙන්ම මෙම අවස්ථාවට එක්වූ කුඩා දරුවන් වෙනුවෙන් චිත්‍රපටයේ විවේක කාලය අතරතුරදී රසවත් ක්‍රීඩාංග රැසක් සංවිධානය කර තිබූ අතර, ඉන් ජයග්‍රහණය කළ දරුවන්ට වටිනා තෑගි පිරිනැමීමට ද පියවර ගැනුණි.

එච් එන් බී (HNB) බැංකුවේ ළමා ගිණුම හරහා කුඩා දරුවන් ඉලක්ක කරගනිමින් සංවිධානය වූ මෙම ව්‍යාපෘතියේ ඉදිරි පියවරක් ලෙස, "සුපිරි වීර ජම්බෝ" කතාව තවත් ඉදිරියට ගෙන යමින් එච් එන් බී නිල යූටියුබ් (YouTube) නාලිකාව ඔස්සේ වීඩියෝ කතා මාලාවක් ලෙස ප්‍රේක්ෂකයින් වෙත සමීප කිරීමට ද මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතී.

 

සටහන - කසුනි විජේසිංහ 

අලියාගේ දත්, හොඬවැල බුද්ධිය පිළිබඳ විස්මිත කතාව Read Previous

අලියාගේ දත්, හොඬවැල බුද්ධිය පිළිබඳ විස්මිත කතාව

බබාගේ කැස්ස සති ගණනක් පවතින්නේ ඇයි? Read Next

බබාගේ කැස්ස සති ගණනක් පවතින්නේ ඇයි?

Realted Post

Leave a comment