වෙසක් සමයේ මාතර ජනතාවට සුව සහනය ගෙනා ‘සබැඳියාවේ දැහැමි සත්කාරය’

SLTMOBITEL වාර්ෂික වෙසක් සෞඛ්‍ය කඳවුර මෙවර මාතරදී

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සහ eChannelling එක්ව වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සංවිධානය කරන වාර්ෂික සෞඛ්‍ය කඳවුර මෙවර මාතර SLT-MOBITEL ප්‍රාදේශීය කාර්යාලයේදී පැවැත්විණි. එය මාතර ප්‍රදේශයේ ජනතාවට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් රාශියක් නොමිලේ ලබාගැනීම සඳහා ලැබුණු මහඟු අවස්ථාවක් විය. 

SLT-MOBITEL සමාගමේ පාරිසරික, සමාජයීය හා ආයතනික යහපාලන දැක්ම මූලික කරගත් ප්‍රජා සත්කාරයක් ලෙස, ‘සබැඳියාවේ දැහැමි සත්කාරය’ ප්‍රජා වැඩසටහන් මාලාව යටතේ මෙම සෞඛ්‍ය කඳවුර පවත්වන ලදී. මෙහිදී වෛද්‍ය උපදෙස් ලබාදීම මෙන්ම රුධිර පරීක්ෂණ, ශ්‍රවණ පරීක්ෂණ සහ අක්ෂි පරීක්ෂණ ඇතුළු සෞඛ්‍ය පරීක්ෂණ රාශියක් නොමිලේ සිදුකර ලද අතර, නොමිලේ ඇස් කන්නාඩි ලබාදීමක්ද සිදුකෙරිණි. 

පළපුරුදු වෛද්‍යවරුන් රැසක්ද මෙම වැඩසටහනට සහභාගී වූ අතර, ඔවුහු දවස පුරා එම සෞඛ්‍ය කඳවුර වෙත පැමිණි රෝගීන් පරීක්ෂා කළහ. 500 කට අධික පිරිසක් මෙම සෞඛ්‍ය කඳවුරෙන් සෞඛ්‍ය සේවාවන් ලබාගැනීම සඳහා පැමිණි අතර, ඔවුන් වෙනුවෙන් වෛද්‍ය උපදේශන වැඩසටහන් රැසක්ද පැවැත්විණි.

Janashakthi Life ජීවිත රක්ෂණයේ වයස් සීමාව අවුරුදු 80 දක්වා දීර්ඝ කරයි Read Previous

Janashakthi Life ජීවිත රක්ෂණයේ වයස් සීමාව අවුරුදු 80 දක්වා දීර්ඝ කරයි

ප්‍රථම ශ්‍රී ලාංකික මහජන සබඳතා සමුළුව සඳහා ‘Mark and Comm’ වෙතින් ප්ලැටිනම් අනුග්‍රාහකත්වයක් Read Next

ප්‍රථම ශ්‍රී ලාංකික මහජන සබඳතා සමුළුව සඳහා ‘Mark and Comm’ වෙතින් ප්ලැටිනම් අනුග්‍රාහකත්වයක්

Realted Post

Leave a comment