බෙලි ගහ සල්ලි ගහක්

රුව වඩවන ඖෂධීය ගුණයෙන් පිරි බෙලි මල් බොහෝ දෙනෙක් ප‍්‍රිය කරන පානයකි. මේ නිසා බෙලි මල් හිඟ සමයේදී වියළන ලද බෙලි සහ බෙලිගැට සඳහා ඉහළ ඉල්ලූමක් පවතී. මෙවර ගෙන එන්නේ බෙලි මල් සහ බෙලි ගැට වියළා අලෙවියට සකසා ගන්නා ආකාරය පිළිබඳවයි.

බෙලි මල්

වසරේ මැයි - ජුනි - ජූලි මාසවලදී බෙලි ගසේ මල් දැකිය හැකියි. එම කාලයේදි බෙලි ගස යට හොඳින් පිරිසුදු කර ගස වටා භූමිය පොලිතීන්වලින් ආවරණය කරන්න. ඉන්පසු ආවරණය කරගත් පොලිතීන් මතට වැටෙන බෙලිමල් එකතු කර කුල්ලකින් පොළා  කෝටු හා කොළරොඩු ඉවත් කරන්න. වියළීම සඳහා බෙලි මලේ පෙති මේ ආකාරයට එක් රැස් කරගන්න. පසුව බෙලිමල්  දින 4 -5 ක් තද අව්වේ වේළාගන්න.

බෙලි ගැට

බෙලි ශාකයේ මල් පරාගණයෙන් පසු ලැබෙන ඵලය සාමාන්‍ය දෙහි ගෙඩියක ප‍්‍රමාණයට වන විට වියළීමට සුදුසු බෙලි ගෙඩි ලෙස සලකයි. මේ ප‍්‍රමාණයේ බෙලිගෙඩි නෙළා ගැනීමෙන් පසු තෙතමනය ඉවත් කර ගැනීම සඳහා ගිරයකින් බෙලි ගෙඩි සිහින් පෙති කපා ගත යුතුය. ඉන් අනතුරුව දින  7 ක් පමණ තද අව්වේ වියළාගන්න.

ඇසුරුම් කිරීම

අලෙවිය සඳහා ඇසුරුම් කිරීමේදී නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය, නම ලිපිනය, ලියාපදිංචි අංකය, මිල, බර, කාණ්ඩ අංකය සහිතව ලේබලයක් ඇසුරුමේ තිබිය යුතුය. කල් ඉකුත්වීමේ දිනය නිෂ්පාදිත දිනයේ සිට වසරක කාලයක් දක්වා සුදුසු වන ලෙස සටහන් කරයි. පසුව අලෙවියට සුදුසු වේ.
බෙලිමල් සහ බෙලි ගැට වියළා ගන්නා කාලය වැඩි වන තරමට කල්තබා ගත හැකි කාලය ද වැඩිය. එලෙසම බෙලි මල් අස්වැන්න ලැබෙනුයේ සුළු ප‍්‍රමාණයක් වන නිසා බෙලි ගැට වියළීම මඟින් ඉල්ලූමට සරිලන ගුණාත්මක සැපයුමක් ලබා දීමට අවස්ථාව ලැබේ.
(බෙලිමල් හා බෙලිගැට  කිසිදු විට ජලයේ සේදීමක් නොකරයි. ජලයේ සේදීමෙන් පුස් බැඳීම සිදුවිය හැකිය. )

සටහන - නයෝමි ෂර්මිලා

FACETS Sri Lanka 2027 මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය Read Previous

FACETS Sri Lanka 2027 මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය

FACETS Sri Lanka 2027 මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය Read Next

FACETS Sri Lanka 2027 මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය

Realted Post

Leave a comment