බබාට බෙහෙත් පොවන්නයි යන්නේ
පුංචි දරුවන් ඉන්න ගෙවල් කියන්නේ හරිම කලබලකාරී, විනෝදජනක වගේම ආදරණීය නවාතැන් පොළක් වෙනවා.

එතනදි මෙයාලා ලෙඩ උනහම බෙහෙත් ටික පොවා ගන්න තියෙන යුද්ධය නම් දන්නේ අම්මාලම තමයි.
දරුවන්ට ඖෂධ ලබා දෙනවා වගේම ඒ ගැන විශේෂිත සැලකිල්ලකින් සිදුකළ යුතුයි.
ඒ ගැන පුංචි කතා බහකි මේ.
දරුවාට ලබාදෙන ඖෂධ පිළිබඳ හොඳින් තේරුම් ගැනීම සිදුකළ යුතුයි.
ඖෂධ වර්ග සහ ඖෂධ අසුරුමේ ඇති උපදෙස් තොරතුරු පිළිබඳ විශේෂ අවබෝධයක් ලබාගෙන, එය දෙවරක් කියවා වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ නියමිත මාත්‍රාවට, නියමිත වෙලාවට ලබාදීම සිදුකළ යුතුයි.
දරුවාගේ වයස, බර අනුව නියමිත ප්‍රමාණයට තමයි මෙම ඖෂධ වෛද්‍යවරයන් නියමකර තිබෙන්නේ එම නිසා එම ඖෂධ නියමය මාත්‍රාවට, නියමිත වෙලාවට ලබාදීම සිදුකළ යුතුයි.
ඖෂධ ලබා ගැනීමට ළමා වයස විතරක් නෙමෙයි අපේ තරුණ, වැඩිහිටියෝ ද අකමැති අවස්ථා අවස්ථාවක් වෙනවා.
මෙතැනදි විශේෂයෙන් දරුවන්ට ඖෂධ ලබාදීමේදී සංසුන්ව, ඉවසීමෙන්, ආදරණීයම ඒ දේ කළ යුතුයි.
සමහර වෙලාවට ඖෂධ විවිධ ආහාරපාන සමග මිශ්‍ර කර ලබාදීම නියමිත කර ඇත්නම් එලෙසම එය ලබාදීම කළ යුතුයි.
උදාහරණවිදිහට කිරි, යුෂ වර්ග ,කුඩා ආහාර ප්‍රමාණයක් ආහාර වලට මිශ්‍ර කර ලබාදෙන්න උපදෙස් ලැබී තිබේ නම් එලෙසම දරුවාට ලබාදීම කළ යුතුයි.
ඒ වගේම දරුවා නිදා සිටින හෝ හාන්සි වී සිටින අවස්ථාවලදී ඖෂධ ලබාදීම සිදුකරන්න යන්නත් එපා.
දියර ඖෂධ ලබාදීමේදී සිලින්ජරයක් හෝ පිපෙට්ටුව භාවිත කර කටට මුදෘ ලෙස ඇතුළු කරන්න.
ඒ වගේම ඖෂධ ලබාදීමේදී දරුවා ඖෂධ ගන්නා තුරු හොඳින් නිරීක්‍ෂණයෙන් පසු වන්න.
ඒ වගේම දරුවට හිංසා කර, සැර කර, බලහත්කාරයෙන් ඖෂධ ලබා නොදෙන්න.
එලෙස වුවහොත් හුස්ම හිරවීම, වමනය, ඔක්කාර වැනි අතුරු ආබාධ ඇතිවිය හැකියි.
ඒ වගේම දිනකට ගත යුතු ඖෂධ මාත්‍රාවෙන් ලබාදීම අතපසු වූයේ නම් ඊළඟ වාරේ ලබාදීමෙදි එය නැවත දෙගුණ කරන ලබා නොදෙන්න.
ඖෂධ ලබාදීමෙන් පසු දරුවාගේ ප්‍රතික්‍රියා සම්බන්ධ විමසිලිමත් වන්න.
එතනදි කුෂ්ඨ, වමනය, කැසීම් ,දද මතුවීම්, පාචනය ,හුස්ම ගැනීමේ අපහසුතා වැනි ලක්ෂණ පෙන්නුම් කරනවදැයි හොඳින් බලන්න.
එලෙස එම ලක්‍ෂණයන් එකක් හෝ පෙන්වයි නම් වහාම වෛද්‍යවරයෙක් වෙත දරුවා රැගෙන යන්න.
ඒ වගේම දරුවාට වෛද්‍යවරයා ලබා දෙන ඖෂධ පමණක්ම භාවිත කරන්න.
ඔබේ හිතුමානාපෙට අත් බෙහෙත් ,තව දරුවෙකුට ලබා දුන් ඖෂධයක් ලබා නොදෙන්න.
රෝග ලක්ෂණ පහ වී එහෙම නැත්නම් රෝගය යාන්තමට සුව වුවත් වෛද්‍යවරයා නිර්දේශ කර ඖෂධ තව තිබේ නම් එය එලෙසම ලබාදීම සිදු කරන්න.
ඒ වගේම ආරක්ෂිතව නිවසේ ඇති සියලුම ඖෂධ වර්ග ,ආලේපන වර්ග දරුවාට හසු නොවන ස්ථානයක ආරක්ෂිතව ගබඩා කර තබන්න.
සටහන
මහේෂානි මීගහපොල
උපදෙස්
බුද්ධිනී සෙනවිරත්න
නව ජන්ම ළදරු දැඩි සත්කාර ඒකක හෙද නිලධාරිනි
ද සොයිසා කාන්තා රෝහල
කොළඹ

Leave a comment