වයස හඟවන විටමින්

විටමින් කියන්නේ අපේ සිරුරේ පැවැත්මට අත්‍යවශ්‍ය සංඝටකයකි. මව්කුසේ සිට ළමා , තරුණ, මහලු විය දක්වාම අප ලබා ගන්නා විටමින් නිරෝගීව සෞඛ්‍ය සම්පන්න සිටීමට උපකාර වේ. කාලයත්, වයසත් සමඟ  අපේ නිරෝගී, සෞඛ්‍යමත් භාවය කෙමෙන් කෙමෙන් අඩු වෙමින් යන අතර ඒ හරහා තාරුණ්‍ය ද තරමක් අඩුවීමට පුළුවනි. නමුත් විටමින් ඇතුළුව පෝෂ්‍යය පදාර්ථ නිසි ලෙස ලබා ගැනීමෙන් ගිලිහී යන අකලට මහලු පෙනුම නැවතත් ලබාගත හැකි සාර්ථක, සෞඛ්‍යමත් ක්‍රමයක්  වේ. 

අපි බොහෝ වෙලාවට කෘතිම ,ක්ෂණිකව මේ  අකලට වියකුණු රූපය නැවත තාරුණ්‍යය කරගන්නවාට වඩා එය නිවැරදි ,දැනුමකින්, අවබෝධයකින් යුතුව ක්‍රමානුකූලව කර ගැනීමෙන් සදාකාලික නිරෝගී ,සෞඛ්‍යමත්, තාරුණ්‍යක් හිමිකර ගැනීමට හැකියාව පවතී. 

නීරෝගී තාරුණ්‍ය පවත්වා ගැනීමට හැමදාම අප ලබා ගන්නා ආහාරය  සමබල ආහාර වේලක් වීමට වග බලා ගත යුතුයි.
කාබොහයිඩෙටි , ප්‍රෝටීන සහා මේදය යන මහා පෝෂක වලට අමතරව විටමින් සහ ඛනිජ වර්ග  වගේම ශූද්ධ පෝෂක ද මෙම ආහාර වේලේ අඩංගු විය යුතුයි. ශූද්ධ පෝෂක ප්‍රමාණයෙන් මැන ගැනීමට අසීරු වුවද එහි මතුවන ඌණතාවයන් නිසා සමට නොයෙකුත් බලපෑම් ඇතිවිය හැක. 
නැවුම් පලතුරු, නැවුම් පලා වර්ග ,නැවුම් එළවළු වර්ග සහා හොඳින් වතුර පානය කරිම මෙම පෝෂක අවශ්‍යතා පහසුවෙන් සපුරා ගත හැක.

වයස හඟවන්න විටමින් වලට පුළුවන්ද?

වයස හඟවන්න විටමින් වලට පුළුවන්ද? මේ ගැන සමහර විට ඔබට ගැටළුවක් මතුවීමට පුළුවන් .වයසට යාම නවත්වා ගැනීමට හෝ සම්පූර්ණයෙන් නවත්වා ගැනීමට විටමින් වර්ග වලට කළ නොහැකිය. නමුත් විටමින් වලට වයසට යාම ක්‍රියාවලිය මන්දගාමී කරගත හැකියි.

එලෙස කළ හැකි විටමින් හපන්නු ටිකක් ඉන්නවා. ඒ කවුද කියල එකින් එක අපි බලමු. 

විටමින් ඒ

විටමින් ඒ හරහා සම නිරෝගීව සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට උපකාරයක් වේ. විටමින් ඒ අඩංගු ආහාරපාන ලෙස කහ ,කොළ, පැහැති වර්ණ සහිත සහිත එළවළු, පලතුරු ,පලා වර්ග මීට අමතරව සත්ව අක්මාව, කිරි ,මාළු, චීස්, කොඩ්ලිවර් ඔයිල්, වැනි ආහාරයන් වල විටමින් ඒ පරිපූර්ණයි. මෙම විටමින් වර්ගය ප්‍රති ඔක්සිකාරක ගුණයෙන් ද ඉහළයි, එයින් තාරුණ්‍යය නිරෝගීව රැක ගැනීමට හැකියාව පවතී.

විටමින් බී

විටමින්B6, විටමින් B12 අඩංගු ආහාර වර්ග අතර සත්ව අක්මාව, මස්, එළවළු , ධාන්‍ය වර්ග ,බිත්තර කහ මදය, මාළු ,පලතුරු ,නිවුඩු සහල් තිරිඟු පිටි, ඊස්ට් ,මාමයිට්, ධාන්‍ය වර්ග වැනි ආහාර මගින් චර්ම, රෝග සම වියපත් වීම වළක්වා සම නිරෝගි කරවයි. 

විටමින් සී

සිරුරේ කොලජන් නිෂ්පාදනය බොහෝ සෙයින් සහාය වන සහ ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළින් පවතින විටමිනයකි. 
ආම්ලික පලතුරු, අල, තක්කාලි, කොළ පැහැති එළවළු වැනි ආහාර මගින් සිරුරට අවශ්‍ය විටමින්  සී හැකි ප්‍රමාණය ලබාගත හැක.

විටමින් ඩී

අස්ථි ශක්තිමත්ව පවත්වා ගැනීමට උපකාර වන අතර දත් වල නිරෝගීභාවය වර්ධනය, රුධිරයේ කැල්සියම් මට්ටම පවත්වා ගැනීමට, නිරෝගී භාවයට, කැල්සියම් පරිවෘත්තියට පොස්පොරොස් අවශෝෂණයට, වැඩිහිටි අවස්ථාවේදී නිරෝගී පැවැත්මට මෙම විටමින් අත්‍යවශ්‍ය වේ. 

උදෑසන මධ්‍යම හිරු එළියට නිරාවරණය වීමෙන් ස්වභාවිකවම මෙම විටමින් ඔබට ලබා ගැනීමට පුළුවන්, මීට අමතරව කිරි, මාළු, මත්ස්‍ය අක්මා තෙල්, මාජරින්, බිත්තර , වලින් පහසුවෙන් ඔබට මෙම විටමිනය ලබා ගැනීමට   පුළුවන්.

විටමින් ඊ

විටමින් ඊ යනු ප්‍රතිඔක්සිකාරක විටමිනයකි. මෙහි පවතින ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණය හේතුවෙන් තාරුණ්‍යය රැක ගැනීමට විශාල දායකත්වයක් ලබා දෙයි. 
කිරි ,බිත්තර, මාළු ,අක්මා තෙල් ,කොළ පැහැති එළවලු ,තිරිඟු පිටි ,රටකජු, ඉරිඟු සෝයා සූර්යකාන්ත තෙල්, සූර්යකාන්ත ඇට, වට්ටක්ක ඇට,ආමන්ඩ්, තල වැනි ආහාර වල විටමින් ඊ බහුලව පවතී.

කොලජන්

ඔබේ සමේ වියපත්භාවය වළක්වා ගැනීමට පමණක් නොවේ අස්ථි, පේශි, දත් යන සමස්ත සිරුරේම නිරෝගිභාවයට උදව්වේ. සිරුරේ කොලොජන් නිෂ්පාදනය ඉහළ නංවා ගැනීමට විටමින් සී (දොඩම්, ස්ටෝබරි පේ්‍ර,තක්කාලි, ගස්ලබු Proline (බිත්තර සුදු මදය, බිම්මල්, ගෝවා) 

Glycine (ඌරු මස්, කුකුල් මස්)
කොපර් (තල ඇට , කොකෝවා ,කජු) 

නමුත් අධික හිරු එළියට, අධික සීනි, පිරිපහදු කරන ලද කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර ,දුම් පානය වැනි වැරදි ආහාර සහා අනවශ්‍ය ජීවන රටා හේතුවෙන් කොලේජන් නිෂ්පාදනය අඩු කරවයි.

ගෘතයන්
අලිගැටපේර , බොකලි, වෝල්නට් , ලුණු, සුදුලූනු, කහ ,තක්කාලි වැනි ආහාර වල ගෘතයන් අඩංගුයි.  ගෘතයන් හරහා තාරුණ්‍යය රැක ගැනීමට මහගූ සෙවයක් වයක් සපයයි.

ඔමේගා 3

මාළු තෙල්,ටූනා ,සැමන්, මැකරල් ,සාඩින් හුරුල්ලන් , ඇල්ගි වලින් නිෂ්පාදිත තෙල් වර්ග  

ස්වභාවික ආහාර මගින්, සමතුලිත ආහාර රටාවකට හුරුවීමෙන් විටමින් වර්ග ලබා ගැනීම නුවණට හුරු වගේම එය නිරෝගී ,සෞඛ්‍යමත්, සුන්දර , තාරුණ්‍යය පහසුවෙන් ඔබට ළඟාවීමට පුළුවන්. 
නමුත් වෛද්‍ය උපදෙස් වලින් තොරව ඔබ හිතුමනාපෙට විටමින් ලබා ගැනීමට ගියහොත් ඔබ බලාපොරොත්තු වන ප්‍රතිඵලය නොලැබී ඔබ රෝගියෙකු වීමේ අවදානමක් පවතී. ඔබට පවතින විටමින් ඌණතාවය හඳුනාගෙන වෛද්‍ය උපදෙස් මත විටමින් ලබා ගැනීමට හෝ පෝෂක අතිරේකයට යාම නුවණට හුරුයි.

සටහන - මහේෂානි මීගහපොල.

අදහස් දැක්වීම
ශලිත් අතුරුපාන
සභාපති 
දැඩි සත්කාර ඒකක හෙද සංගමය 
ශ්‍රී ලංකා ජාතික රෝහල 
කොළඹ 

දල රළ අතරේ මැවුණු  ’’මාරියා ’’ සම්මානිත වෙයි Read Previous

දල රළ අතරේ මැවුණු ’’මාරියා ’’ සම්මානිත වෙයි

වයස හඟවන විටමින් Read Next

වයස හඟවන විටමින්

Realted Post

Leave a comment