සුවදායී ගර්භිණී සමයක්

උපදෙස්:- ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය අචින්ත දිසානායක 

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය

නිරෝගී ගැබිනියක්වීම සෞඛ්‍ය සම්පන්න දරුවකු ලැබීමට අත්‍යවශ්‍ය ය. අදින් ඇරඹෙන මේ කෙටි සටහන් පෙළ නිරෝගී ගැබිනියක්වීමට පෙරුම් පුරන කාන්තාවන්ටයි.   
අපේ රටේ එන්නත් වැඩපිළිවෙළ යටතේ අවුරුදු දාසයේ සෑම  ගැහැනු දරුවකුටම රුබෙල්ලා එන්නත ලබාදෙයි. එයින් සිදු කරන්නේ රුබෙල්ලා වෛරසය සැදීම වළක්වාලීම යි.
රුබෙල්ලා එන්නත ලබා නොගෙන ගර්භිණියක්බවට පත් වුවහොත් ගර්භීණී සමය තුළදී මෙම එන්නත ලබා නොදෙයි. ගර්භණි සමය තුළදී මෙම වෛරසය වැලඳුණහොත් දරුවාට යම් යම් ආබාධ ඇතිවීමට පුළුවනි. ඒ වගේම දරුවා ඉපදුණු පසු ඔවුන්ගේ ශ්‍රවණ ආබාධ සම්බන්ධ ගැටලු මතුවීමට හැකියි.
ඔබට රුබෙල්ලා එන්නත පාසල් වියේදී හෝවිවාහයට පෙර ලබා ගැනීමට අතපසු වූවේනම් ගර්භණියක වීමට මාස තුනකට ප්‍රථම ලබාගන්න. 
දරුවකුගේ ස්නායු පටක, කශේරු සැදීමේදී ෆෝලික් අම්ලය වැදගත් වෙයි. ෆෝලික් අම්ලය අඩුවක් වුවහොත් ඒ ආශ්‍රිත ගැටලු මතුවිය හැකියි. හිස්කබලේ වර්ධනයට බලපෑම් විය හැකයි. දරුවාගේ හිස් කබළේ අස්ථී නොසෑදීමේදී දරුවකු ජීවත් කිරීමට අපහසු තත්ත්වයකි. 
ගැබ් ගැනීමට මාස තුනකට පෙර සිට දිනපතා ෆෝලික් ඇසිඩ් මිලිග්‍රෑම් එකක ප්‍රමාණයක් ගන්න. එසේ නැතහොත් ගැබිනියක් බව දැනගත් දින සිට හෝ ගත යුතුයි. 
ගැබිනිය ස්ථුලතාවයෙන් පෙළෙන එනම් ඊඵෂ අගය 30ට වැඩි කාන්තාවන්ට, දියවැඩියාවෙන් පෙළෙන කාන්තාවන්, වෙනත් ඖෂධ විශේෂයෙන් අපස්මාරයට දෙන ඖෂධ ලබා ගන්නා කාන්තාවන්ට සේම පළමු දරුවාගේ එවැනි ගැටලුවලට මුහුණදී තිබේ නම් වෛද්‍යවරයා විසින් ලබාදෙන  ෆෝලික්ඇසිඩ් මිලි ග්‍රෑම් ප්‍රමාණය ඉහළ දමයි. 

මහේෂානි 

මහනුවර ඇසළ පෙරහැරේ   සිවුවන  කුඹල් පෙරහැර අද Read Previous

මහනුවර ඇසළ පෙරහැරේ සිවුවන කුඹල් පෙරහැර අද

ආධුනික කලා තරු ක්‍රිකට් තරගාවලියක් Read Next

ආධුනික කලා තරු ක්‍රිකට් තරගාවලියක්

Realted Post

Leave a comment