අළුහම් වලට තිත

අළුහම් කියන තත්ත්වය කාන්තාවන් අතර සුලභව දක්නට ලැබෙන රුව අලංකරණයට බාධා කරවන දිලීර ආශ්‍රිත රෝගයක්.

අළුහම් කියන තත්ත්වය හිතා සීග්‍රයෙන් බෝවීමක් ද සිදුවෙනවා. ඔබ කොතරම් මේ සඳහා ප්‍රතිකාර සිදු කළත් ප්‍රතිඵලය තාවකාලික ද?  එලෙස නම් මේ ඒ සඳහා විසඳුමක්.

අතීතයේදී ගෝමර ලෙස හැඳින්වූ මේ තත්ත්වය සමේ මතුවන කැළැල් විශේෂය නිසා රූ සපුවට ඇතිකරවන හානිය නම් සුළු පටු නොවෙයි. 

මෙය  දිලීර වර්ගයක් සමේ වර්ධනය වීම හේතුවෙන් මතුවන තත්ත්වයක්.

අළුහම් වර්ග කිහිපයක් සමේ ඇතිවීමට පුළුවන්.

එනම් සුදු පැහැති, අළු , කළු සහා  දුඹුරු පැහැති අළුහම් වැනි වර්ග වලින් මෙම අළුහන් වර්ග පවතී.

මේ තත්ත්වය කාන්තා/ පිරිමි දෙපාර්ශවයටම  බලපෑවත් කාන්තාවන් අතර වැඩිපුර දක්නට ලැබෙනවා.

මුහුණ ,පපුව, උදරය, ගෙල වැනි ස්ථානවල වඩාත් බහුලව දක්නට ලැබෙනවා. 

අළුහම් සෑදීමට වයස් සීමාව බලපෑමක් නොවන අතර අධික ලෙස දහදිය දමන පුද්ගලයන් අතර බහුලවම දක්ණට ලැබෙන දිලීර රෝගයක්. 

අළුහම් වල දක්නට ලැබෙන බාහිර ලක්ෂණ කිහිපයක් තිබෙනවා එනම්, 

සාමාන්‍ය සමෙන් අළුහන් වෙන් වෙන් වශයෙන් හිතා පැහැදිලිව හඳුනාගත හැකියි , අළුහම් ඇති ස්ථානවල අතින් හිරු විට සුදු පැහැති කුඩක් මෙන් ගැලවීම , දහදිය දැමූ විට එම ස්ථානය කැසීමට ගන්නා අතර දහදිය දැමූ විට පැහැදිලිව පෙනෙයි.


අළුහම් ඇතිවීමට බලපාන හේතු ලෙස,

ජානමය හේතු, අධික හිරු රශ්මියට සම නිරාවරණය වීම, ස්නානයෙන් හෝ සිරුර සේදීමෙන් පසු සිරුර හොදින් වියළා නොගැනීම, සිරුරේ නිතර නිතර තෙත රැඳීම, කෘතිම රසකාරක ආහාරපාන ලබා ගැනීම, රසායනිකය බිලිචින් අඩංගු රූපලාවන්‍ය ආලේපන භාවිත කිරීම, තෙත ඇඳුම් භාවිතය, සිරුර උෂ්ණාධික වීම, ප්‍රතිශක්තිය දුර්වල වීම. 

වැනි හේතූන් මේ සඳහා බලපායි. 


මේ සඳහා නිවසේදී කළ හැකි ස්වභාවික ප්‍රතිකාර. 


1. ඇත්තෝර කොළ ,දෙහි ඇඹුල් යුෂ ගෙන හොඳින් අඹරා අළුහම් ඇති ස්ථානවල  ආලේප කර වියළුණු පසු සෝදා හරින්න.

2. පෙති තෝර කොළ,අමු කහ ,දෙහි සමග අඹරා එම පල්පය අළුහම් මත ආලේප කර වියළුණු පසු සෝදා හරින්න. 

3. හෙන්දිරික්කා කොළ , පොල්තෙලින් අඹරා එම ආලේපය අළුහම් අලේප කරන්න.

මෙම ස්වභාවික ප්‍රතිකාර සතියකට දින තුනකට වතාවක් හෝ මාස තුනක් පමණ කාලයක් එක දිගටම සිදුකිරීම කළ යුතුයි. 

එමගින් ඔබට අළුහම්, ලප කැළැල් වලින් තොර නිකැළැල් සමකට හිමිකම් කීමට හැකියාව පවතී.

සටහන  
මහේෂානි මීගහපොල.

උපදෙස් 
ප්‍රවීණ ආයුර්වේද රූපලාවන්‍ය , විශාරද අශෝකා පල්ලිය ගුරුගේ. 

තලගොල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරින් විපතට පත් පිරිස මුදවා ගැනීමට යුද්ධ හමුදා සහාය Read Previous

තලගොල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරින් විපතට පත් පිරිස මුදවා ගැනීමට යුද්ධ හමුදා සහාය

බඩ වැඩිද? ආස ඇඳුමක් ආස කෑමක් කන්න බැරිද? බඩ අඩුකරන ආයුර්වේද ප්‍රතිකාර මෙන්න Read Next

බඩ වැඩිද? ආස ඇඳුමක් ආස කෑමක් කන්න බැරිද? බඩ අඩුකරන ආයුර්වේද ප්‍රතිකාර මෙන්න

Realted Post

Leave a comment