කාපු කෑම වල තෙල් ,පිටි, සීනි බස්සමු

උත්සව සමයත් සමඟ තෙල්, පිටි, සීනි වැඩිපුර අපිත් නොදැනීම අපේ සිරුරට ඇතුළු වෙනවා. 

මේ අධිකව ගත්ත තෙල්, පිටි, සීනි ටික බස්සන්න අප ලබා ගන්නා කෑම වර්ග වලින්ම කරගනිමුද?

ඒ කොහොමද? කියලා බලන්නකෝ මේ අතිරේකය කියවලම 

1. සුදුලූනු අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය :

  • සුදුලූනු ස්වල්පයක් 
  • බැදගත් සුදුලූනු ස්වල්පයක්
  • ඉඟුරු ස්වල්පයක්
  • අමු මිරිස් කරල් දෙක / තුනක්
  • පොල්තෙල් තේ හැන්දක් 
  • රස අනුව ලුණු 
  • කහ තේ හැඳි කාලක්
  • දුඹුරු සිනි කෝප්ප කාලක්
  • අබ තේ හැන්දක්
  • වතුර
  • උළුහල් තේ හැඳි කාලක්
  • විනාකිරි තේ හැඳි භාගයක්
  • මිරිස්කුඩු තේ හැඳි හතරක්


සාදන අයුරු. 

ඉඟුරු, සුදුලූණු, අමුමිරිස් කහ  ,විනාකිරි එකතු කර ගයින්ඩර් කරගන්න.
මැටි ඇතුළියකට පොල්තෙල් ස්වල්පයක් එකතු කර , තෙල් රත් වූ පසු අබ, අමුමිරිස්, උළුහාල්, මිරිස් කුඩු එකතු කර ගයින්ඩර් කරගත් පේස්ට් එකට රස අනුව ලුණු ,බැදගත් සුදුලූණු ,සීනි එකතු කර හින්දවා ගන්න. 

නිවෙන්නට තබා ජීවනු හරණය කර බෝතල් වලට අසුරා ඔබට මෙය කල් තබා ගැනීමටද පුළුවන්. 

2. උළු හාල් වෑංජනය. 

අවශ්‍ය ද්‍රව්‍ය. 

  • පැය දෙකක් වතුරේ පොඟවා ගත් උළු හාල් ග්‍රෑම් 200 ක්
  • සුදුලූණු බික් දහයක්
  • රතුලූනු ගෙඩි තුන /හතරක් 
  • අමු මිරිස් කරල් කිහිපයක්
  • කරපිංචා / රම්පේ 
  • උම්බලකඩ තේ හැඳි දෙකක්
  • දියකිරි කෝප්ප භාගයක්
  • මිටි කිරි කෝප්ප භාගයක්
  • මිරිස් කුඩු තේ හැඳි භාගයක් 
  • තුන පහක් කුඩු තේ හැඳි කාලක්
  • කහ කුඩු තේ හැදි කාලක්
  • රස අනුව ලුණු

සාදන අයුරු

මැටි ඇතිළියක් ගෙන එයට උළුහාල්, සුදුලූනු, රතුලූනු, අමුමිරිස් ,කරපිංචා, උම්බලකඩ, කුළුබඩු සියල්ල සහ දියකිරි එකතුකර මඳ ගින්දරේ ලිප තබා ගන්න. 

මෙය තැම්බීගෙන එන විට මිටිකිරි  ටික එකතු කර  ඇතිළිය පියනකින් වසා පිසගන්න.

 

03. තෙල් ,පිටි, සීනි සිරුරෙන් අඩුකර , බර අඩු කරවන, සෞඛ්‍ය සම්පන්න සලාදය. 

අවශ්‍ය ද්‍රව්‍ය

  • කුඩාවට කොටු කපාගත් සලාද කොළ කිහිපයක්
  • කුඩාවට කොටු කැපූ පිපිඤ්ඤ ගෙඩියක්
  • කුඩාවට කොටු කැපු  පාට තුන් වර්ගයක බෙල් පෙපර් ස්වල්පයක් 
  • කුඩාවට කොටු කැපූ තක්කාලි ගෙඩි තුනක්
  • කුඩාවට කොටු කැපූ වට්ටක්කා , කැරට් ස්වල්පයක්
  • කුඩාවට කොටු කපාගත් තම්බාගත් බිත්තර හතරක්
  • කුඩාවට කොටු කැපූ ලූනු ගෙඩි දෙකක්
  • කජු තේ හැඳි දෙකක්
  • සුදුලූනු බික් තුන , හතරක්
  • තල ඇට තේ හැඳි හතරක් 
  • පොල්තෙල් තේ හැඳි භාගයක් 
  • ඔලිව් තෙල් තේ හැඳි භාගයක්
  • රස අනුව දෙහි සහ ලුණු
  • විනාකිරි ස්වල්පයක් 


සාදන අයුරු


භාජනයක් ගෙන එයට සියලුම එළවළු වර්ග සහ බිත්තර, ඔලිව්තෙල්, පොල්තෙල්, විනාකිරි, කෑලි මිරිස් ,ගම්මිරිස් ,ලුණු ,දෙහි එකතු කර කලවම් කරගන්න.


4. තෙබු සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය 

සිහින්ව ලියූ තෙබු දළු මිටක්
ගා ගත් පොල් ස්වල්පයක් 
සිහින්ව ලියූ කැරට්ලල් ගෙඩියක්
සිහින්ව ලියූ ගෝවා ස්වල්පයක්
උමිබලකඩ ස්වල්පයක්
රස අනුව දෙහි සහ ලුණු 
ගම්මිරිස් ස්වල්පයක්

 

සිහින්ව ලියූ රතුලූනු ගෙඩි කිහිපයක් 

සාදන අයුරු 

මෙම සියලුම අමුද්‍රව්‍ය  එකතුකර එයට රස අනුව දෙහි, ලුණු ,ගම්මිරිස් එකතුකර හොඳින් කලවම් කරගන්න.

සටහන 
මහේෂානි මීගහපොල

උපදෙස් 
ප්‍රවීණ සූපවේදිනී
ජීවනී විජේසේකර

ලංකාව දකුණු ආසියාවේ  ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණය සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය සඳහා එක් වූ ප්‍රථම රට Read Previous

ලංකාව දකුණු ආසියාවේ ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණය සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය සඳහා එක් වූ ප්‍රථම රට

රාජ්‍ය දෘශ්‍ය කලා උලෙළ - 2025 Read Next

රාජ්‍ය දෘශ්‍ය කලා උලෙළ - 2025

Realted Post

Leave a comment