තදේට අවුව, නැත්නම් වැස්ස. දෙකෙන්ම එන ලෙඩවලට බෙහෙත්

මේ දිනවල පවතින කාලගුණික , දේශගුණික විපර්යාස තත්ත්වයන් සමහර දිනවලට හිතාගන්න බැරි ලෙස වෙනස් වෙනවා. සමහර දින වලට සැර අව්වක්. නැත්නම් එක පාරට වහිනවා. මෙවැනි පාරිසරික වෙනස්කම් හමුවේ අපිත් ඉක්මණින් රෝගීන් වෙන්න පටන් ගන්නවා. එවැනි වෙලාවට අපි මොකද කරන්න ඕනේ ? කියන එක ගැනයි මේ කතාව. 

කාලගුණික දේශගුණික විපර්යාස හමුවේ හිස ඔසවන රෝග.

අධික උෂ්ණත්වය ,හදිසි කඩා හැලෙන වැසි වැනි ස්වභාවික හේතූන් නිසා බොහොමයක් රෝග සීග්‍රයෙන් ජනගත වීමට පුළුවන්. එතනදි මදුරු / කෘමි රෝග ,වතුර / ආහාර ආශිත රෝග ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග (සෙමිප්‍රතිෂ්‍යව, උගුර ආසාදන) වැනි රෝග බොහොමයක් ශීඝ්‍රයෙන් හිස එසවීමට පුළුවන්.

එතනදි මතුවන පොදු ලක්ෂණ. 

කැස්ස, තද උණ, උගුරේ අපහසුතා, සෙම් ගෙඩි, හුස්ම ගැනීමේ අපහසුතා, නාසයෙන් සොටු දියර ගැලීම, කිවිසුම් යාම, කන් රිදීම අත්  / පා වේදනාව, බඩ එළියාම ,වමනය ,බඩ රිදීම, සන්ධි වේදනා, හිසරදය, සිරුර වේදනාව විජලනය වැනි පොදු ලක්ෂණ පෙන්නුම් කරනවා. 

සුළු රෝග ලකුණු පහළ වෙද්දී නිවසේදී කළ හැකි ප්‍රතිකාර. 

සෙන්පතිෂ්‍යව සහ උගුරේ ආසාදන වලදී. 

  • කොත්තමල්ලි ,වෙනි වැල් ගැට ,ඉඟුරු සහ පස් පංගුව තම්බා පානයට ගන්න උදේ / සවස පානය කිරීම සුදුසුය. මේ පානය කිරීමෙන් සෙම පාලනය වී සිරුරේ ප්‍රතිශක්තිය ඉහළ නංවයි. 
  • මද උණුසුම් වතුර කෝප්පයකට ලුණු ස්වල්පයක් දමා දිනකට දෙතුන් වරක්  උගුර සෝදන්න. 
  • දෙහි කොළ, නික කොළ, හෝ කුරුඳු තෙල් ස්වල්පයක් එක් කර උණුසුම් වතුරෙන් හොඳින් දුම් අල්ලන්න. පපුවේ, නාසයේ තද වී ඇති සෙම ලිහිල් වී ඔබට පහසුවක් ගෙන දෙයි.

දින දෙකකට වඩා රෝග ලක්ෂණ පවතී නම් අත් බෙහෙත් නොකළ යුතුයි. 

අත් බෙහෙත් ඔබ නිවසේදී කළ යුත්තේ සාමාන්‍ය සුළු අසනීප රෝග ලක්ෂණ පහළ වූ විටයි. එය දිනෙන් දින වැඩිවන විට රෝග ලක්ෂණ වලට අත් බෙහෙත් කර කර සිටීම මෝඩකමක් විය හැකියි. ඒ නිසා දින දෙකකට වඩා රෝග ලක්ෂණ පවතී නම් ඔබට වෙනත් අපහසුතා සිරුරෙන් දැනූන වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සිදුකරන්න. 

සාමාන්‍ය උණට ඔබ පෙර සිටමෝල් ඖෂධය  භාවිතය හැර වෙනත්  වේදනා නාශක වෛද්‍ය උපදෙස්වලින් තොරව භාවිත නොකරන්න. 

ඒ වගේම ගර්භනී මව්වරුන්, බෝ නොවන රෝග, අවුරුදු දෙකට අඩු දරුවන් මෙවැනි රෝග ලක්ෂණ මතු වූ විගස වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සිදුකරන්න. 

යහපත් ජීවන රටාව සඳහා ඔබව නිරෝගී කරවයි. 

  • වතුර උතුරුවා නිවා පානයට ගන්න. ඒ වගේම හොඳින් වතුර පානයට ගන්න. 
  • ඔබට යම්කිසි සිරුරේ අසනීපයක් පවතී නම් හොඳින් විවේකීව සිටින්න. 
  • ඒ වගේම ඔබට යම් ආසාදන තත්ත්වයක් හෝ පවතී නම් මුව ආවරණයක් භාවිත කරන්න. 
  • සනි ටයිසර් එකක් භාවිතා කිරීමට හුරුවන්න.
  • ඔබට මෙවැනි රෝග ලක්ෂණ තිබේනම් පොදු ස්ථානවලට යාමෙන් වළකින්න. 
  • මෙවැනි කාල වලදී නිවැරදි සෞඛ්‍ය පුරුදු මගින් පවුලේ හා ඔබගේ සෞඛ්‍ය ආරක්ෂාව හොඳින් තහවුරු කරගැනීමට හැකියි

සටහන - මහේෂානි මීගහපොල.
උපදෙස් - ආයුර්වේද වෛද්‍ය, ඉමාෂා උඩවත්ත.

Fems තිළිණපත් වෙතින් ලක්ෂ ගණනකට සනීපාරක්ෂක තුවා නොමිලේ Read Previous

Fems තිළිණපත් වෙතින් ලක්ෂ ගණනකට සනීපාරක්ෂක තුවා නොමිලේ

ලංකාව නියෝජනය කරමින් අංජලී IPR International  ලේකම් ධුරයට Read Next

ලංකාව නියෝජනය කරමින් අංජලී IPR International ලේකම් ධුරයට

Realted Post

Leave a comment