ඔසප් දින ළංවෙද්දී දැනෙන වේදනා අඩු කරගන්න

මාසික ඔසප් වීමෙන් පසු එන පුංචි රෝග ලක්ෂණ මෙන්ම බොහෝ යුවතියන්ට මාසික ඔසප්වීම දින ළංවෙද්දී පූර්ව ශාරීරික පුංචි පුංචි අපහසුතා මතුවෙනවා. එතනදි ඔබට නිවසේදී කල හැකි සරල අත් බෙහෙත් කිහිපයක් ගැන තමයි මේ කතා කරන්න සූදානම.

මාසික ඔසප්වීම ඇරඹීම දන්වන සිරුරේ මතුවන පූර්ව රෝග ලක්ෂණ. 

 උදරය ආශ්‍රිත විටින් විට ඇතිවන වේදනාව, පිය යුරු ආශ්‍රිත වේදනාව, පිය යුරු ඉදිමුණු ස්වභාවය, කොන්ද වේදනාව, විටින් විට ඔක්කාරය / වමනයට ඒම, බඩ පුරවා දැමීම මහන්සි ස්වභාවයක් දැනීම භාවනාත්මක හැඟීම් දුර්වල වීම (දුක / තරහව වැඩිපුර හේතුවක් නැතුවම දැනීම) කුරුලෑ මතුවීම, යෝනි මාර්ගයේ ආශ්‍රිත සුදු පැහැති හෝ අවර්ණ සහිත ශ්‍රාවයක් පිටවීම, කෙන්ඩ පෙරළීම, මස්පිඬු වේදනාව ,ආහාර අරුචිය වැනි කියා ගත නොහැකි කායික, මානසික පීඩාවන් මතුවීම. 

නිවසේදී කළ හැකි අත් බෙහෙත්. 

බාහිර. 
නික , පාවට්ටා ,බෙහෙත් එඬරු කොළ යන තුන්වර්ගයකින් හෝ එම එක් කොළ වර්ගයක් තම්බා එම ජලයෙන් සිරුර සේදීම. 
බෙහෙත් එඬරු කොළ හෝ පාවට්ටා කොළ තම්බා එම කොළවලින් උදරය , කොන්ද, පියයුරු තැවීම. 
කොන්ද , උදරය තල තෙල් ස්වල්පයක් ආලේප කර සම්භාහනය කිරීම. 
කෑම අරුචිය පවතිනවා නම් දෙහි කැබැල්ලකින් දිව මැදීම සිදුකරන්න.

අභ්‍යන්තරව.
දෙහි බීමක් ලෙස සාදා පානයට ගන්න. 
වියළි නෙල්ලි මිටක් ගෙන එයට උණු වතුර අඬු කෝප්ප දෙකක් එකතු කර  අඬු කෝප භාගයකට මද ගින්දරේ සිදවා උදේ / සවස කෑමෙන් පසු පානයට ගන්න.
උළුහාල් තැම්බූ වතුර කෝප්ප භාගයක් බැගින් උදේ / සවස කෑමෙන් පසු පානයට ගන්න. 
එළකිරි වලට අමු ඉඟුරු, කුරුඳු පොතු දමා මිනිත්තු පහක් පමණ මඳ ගින්දරේ නටවා දවසට එක් වරක් පමණ පානයට ගන්න. 
ආහාර හා ජීවන රටාව නිවැරදි කරගන්න. 
නිවිති , වට්ටක්කා තල, ආමන්ඩ් ,කෙසෙල්, මුකුණුවැන්න , ඉඟුරු, උළු හාල්, සුදුලූනු කෑමට එක් කරගන්න. 
උණුසුම් ආහාර පානයට ගන්න, මද උණුසුම් වතුර පානය, උණුසුම් සුප් වර්ග, කැඳ වැනි පෝෂණ ආහාර සම බල ආහාර වේලක් ලබාගන්න.

සීතල ආහාරවලින් වළකින්න. 
අධික වෙහෙස දෙන ව්‍යායාම, බර වැඩ, බොහෝ වෙලා සිටගෙන සිටීම, වෙහෙස දෙන රාජකාරී වලින් වැළකෙන්න. 
මෙවැනි දේවල් කිරීමෙනුත් ඔබට සහනයක් නොලැබේ නම් අපහසුකම් වැඩිපුර දැනේනම් සුදුසුකම්වලත් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

සටහන - මහේෂානි මීගහපොල.
උපදෙස් - ආයුර්වේද වෛද්‍ය. ආනන්දි දින මිත්‍ර ආරච්චි. 

වෙනස් විදියකට පෙර අච්චාරු Read Previous

වෙනස් විදියකට පෙර අච්චාරු

ඔසප් දින ළංවෙද්දී දැනෙන වේදනා අඩු කරගන්න Read Next

ඔසප් දින ළංවෙද්දී දැනෙන වේදනා අඩු කරගන්න

Realted Post

Leave a comment