බඩ වැඩිද? ආස ඇඳුමක් ආස කෑමක් කන්න බැරිද? බඩ අඩුකරන ආයුර්වේද ප්‍රතිකාර මෙන්න
ඔයාගෙත් බඩ ඇවිත් ද?
යාළුවෝ විහිළු කරනවද?
ඇඳුමක් ඇන්ඳත් ලස්සන නැද්ද?
මෙන්න එහෙනම් බඩ අඩුකරන ආයුර්වේද ප්‍රතිකාර.
හේතු -
තරබාරු බව හා පාරම්පරාවෙන් එන ලක්ෂණ
මේදය අධිකව තැම්පත් වීම
දිගින් දිගටම පවතින මලබද්ධය
වාතකෝප තත්ත්වයන් නිසා එන බඩපුරවා දැමීම
ගර්භාෂ ගෙඩි හා ඩිම්බකෝෂ තුළ පවතින අර්බුද තත්ත්වයන්
පාණ්ඩුව
උදරයේ ජලය පිරීම
උදරයේ ඇතිවන පිළිකා තත්ත්වයන්
දවස තිස්සේ වාඩි වී කරන රැකියාවන්
ඔබ මුලින් ම කළයුත්තේ ඔබගේ බඩ අනිසි ලෙස ඒමට හේතුව සොයා ගැනීමයි. ඒ සඳහා ඔබට වෛද්‍යවරයෙක් වුවත් හමුවීමට පුලුවන්. ඉන්පසු අවශ්‍යය ප්‍රතිකාර සඳහා යොමුවන්න.
තරබාරු බව -
ආහාර ගැනීම නිසි ලෙස කළමනාකරණය කරගන්න.
අක්මාවේ පවතින මේදය -
පළමුව වෛද්‍ය වාර්තා සඳහා යොමුවන්න. මෙහි දී අක්මාවේ තෙල් තැම්පත් වීම පවතින්නේ කුමන අධියරක දැයි දැනගෙන ප්‍රතිකාර සඳහා යොමුවිය හැකියි.
මේ සඳහා මුස්සැන්න කොළ, යකිනාරං කොළ, හීන් බෝවිටියා කොළ, කඩුපහර කොළ ආදී ඖෂධීය කොළකැඳ පානය කිරීම ඉතා සුදුසුයි. මෙම කොළවර්ග තම්බා වුවත් පානය කළ හැකියි.
දිගින් දිගටම පවතින මලබද්ධය -
මේ සඳහා හොඳින් මල බුරුල් කරන ආහාර ගන්න. ඉදුණු බෙලි, වැල, වරකා, ඇඹුල් කෙසෙල්, පැපොල් වැනි පලතුරු වර්ග ආහාරයට ඉතා සුදුසුයි.
වාතකෝප තත්ත්වය නිසා එන බඩපුරවා දැමීම -
සුදු ලූණු, උළුහාල් සමඟ ගම්මිරිස් ඇට තුන හතරක් දමා තම්බා බොන්න.
වාතබංග කොළ හෙවත් මෙත්තකොච්චි කොළ මලවා ආහාරයට ගන්න.
බටු, කොස්, කඩල ආදී වාත අමාරුව එන ආහාර ගැනීමෙන් වළකින්න.
දිනපතා වාඩි වී කරන රැකියාවන් -
සෑම පැයක් තුළම ආසනයෙන් නැඟිට එහාමෙහා ඇවිදින්න.
පාණ්ඩුව, ගර්භාෂ ගෙඩි හෝ උදරයේ ජලය පිරීම නම් ඒ සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්න.
පරම්පරාවෙන් හෝ ආහාර නිසා මේදයේ වැඩිවීමක් -
මේ සඳහා මේදය දහනය වන ආහාර ලබා ගන්න. ගොරකා, සුදුලූණු, කරපිංචා ආදිය තම්බා බීම.
කරපිංචා, ගම්මිරිස්, සුදුලූණු ගොරකා, ලුණු ආදිය එක් කළ ලුණුමිරිසක් අඹරා ශීතකරණයේ තබා ගෙන බත් සමඟ ආහාරයට ගන්න.
සියඹලා යුෂ යොදා ගත් තැම්බුම් හොද්දක් පානය කරන්න.
ඇත්තෝර දළු, කරවිල දළු, ඇහැළ දළු වැනි දෙයක් අඹරා ඉන් මේස හැඳි එකක් පමණ ආහාරයට ගන්න.
අදහස් දැක්වීම - ආයුර්වේද වෛද්‍ය නිලානි වෙලේකුඹුර
සටහන - සහශ්‍රිකා දයානන්ද

Leave a comment