කිලිනොච්චියේ පිහිටි ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය අගමැතිනියගේ නිරීක්ෂණයට

මොරටුව ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය යටතේ ක්‍රියාත්මක වන කිලිනොච්චියේ පිහිටි  ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය නිරීක්ෂණය කිරීමට   අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  (16)  දින පෙරවරුවේ පැමිණියාය. 

වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණක් වන අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තීය අධ්‍යාපනය  සංවර්ධනය කිරීමේ වැඩපිලිවෙල යටතේ වෘත්තීය නිපුණතාව ලබා දෙන ආයතනවල ගැටලූ පිලිබඳ නිරීක්ෂණය කිරීමේ අරමුණින් අග්‍රාමාත්‍යවරිය ජර්මාණු කාර්මික අභ්‍යාස ආයතනය වෙත පැමිණියාය. 

නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී පුහුණු ආයතනයේ පවත්වන පාඨමාලා, අධ්‍යයන සහ අනධ්‍යයන සේවක ගැ⁣ටළු, පුහුණුලාභින්  මුහුණ දෙන යටිතල පහසුකම් පිලිබඳ ගැටළු, නේවාසික ගැටළු ඇතුළු කිලිනොච්චිය ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ පවතින ගැටළු සහ සංවර්ධනය විය යුතු අංශ පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරිණ. 

ජාතික වෘත්තීය සුදුසුකම්  (NVQ) 4, 5 සහ 6 යටතේ පුහුණු ශ්‍රමිකයන් රැකියා වෙළඳපොළට යොමු කිරීමෙි වැදගත්කම සහ ඒ සඳහා වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ පවතින, ආයතනික සහ පරිපාලන  ගැටළු පිලිබඳවත්, පවතින නීතිමය ගැටළු පිලිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

අනතුරුව අධ්‍යයන පහසුකමි, නේවාසික පහසුකම් සහ පුහුණුලාභින් මුහුණ දෙන ගැටළු කෙරෙහි අවධානය යොමු කරමින් අදාළ ස්ථාන වෙත ගොස් නිරීක්ෂණය කිරීමටද අග්‍රාමාත්‍යවරිය මෙහිදී කටයුතු ක⁣ළාය. 

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව, උතුරු පලාත් ආණඩුකාර එන් වේදනායගම් ඇතුළු මොරටුව හා කිලිනොච්චිය ජර්මානු කාර්මික අභ්‍යාස ආයතන නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. 

  • අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.
  • 2025.02.17

දවල්ට ගෙදරින් හදන ගිහින් මෙහෙම කමු - Lunchbox ideas Read Previous

දවල්ට ගෙදරින් හදන ගිහින් මෙහෙම කමු - Lunchbox ideas

මධ්‍යම පලාත් පාසැල් මලල ක්‍රීඩා තරඟාවලිය 2026 Read Next

මධ්‍යම පලාත් පාසැල් මලල ක්‍රීඩා තරඟාවලිය 2026

Realted Post

Leave a comment