අගමැතිනිය සහ JICA නව ප්‍රධානී අතර හමුවක්

දෙරට අතර දිගුකාලීන සංවර්ධන හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) නව ප්‍රධාන නියෝජිත කෙන්ජි කුරෝනුමා මහතා අතර හමුවක් ජුනි 05 වැනිදා පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.

මෙම හමුවේ දී, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට අඛණ්ඩව සහාය වීම සඳහා JICA ට ඇති හැකියාව පිළිබඳ ඔහු යළිත් අවධාරණය කළේය. නව පත්වීම වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමිය කුරෝනුමා මහතාට සුබ පැතූ අතර, JICA විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන තාක්ෂණික සහයෝගීතාවය පිළිබඳව සිය ස්තුතියද පළ කළාය. තාක්ෂණික අංශයේ සහයෝගිතා ඉලක්ක සඳහා වන වගවීම, විනිවිදභාවය සහ සියලු දෙනාම ඇතුළත් වන නව ප්‍රතිසංස්කරණ සඳහා රජයේ කැපවීම පිළිබඳවද අගමැතිනිය මෙහිදී අවධාරණය කළාය.

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා වන අධ්‍යාපනය ශක්තිමත් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු විය. දෙරට අතර සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍ර අතරට සියලුම අංශවල විශේෂ අධ්‍යාපන ඒකක ස්ථාපිත කිරීම, ගුරු පුහුණු විෂයමාලා සංශෝධනය කිරීම සහ ප්‍රධාන අවශ්‍යතාවයන් තක්සේරු කිරීම ඇතුළත් වනු ඇත. එසේම වෘත්තීය පුහුණුව, විදේශ රැකියා අවස්ථා සහ ජපානයේ රැකියා අවස්ථා සොයන ශ්‍රී ලාංකිකයන් සඳහා ජපන් භාෂා පුහුණු වැඩසටහන් පැවැත්වීම කෙරෙහි ද මෙහි අවධානය යොමු කෙරිණි. 

මෙම අවස්ථාවට JICA ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකා රජයේ ප්‍රධාන නියෝජිතයින් ද, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් රුවන්ති දෙල්පිටිය, සහකාර අධ්‍යක්ෂ ගයංගා ඩයස්  යන මහත්ම මහත්මීන් මෙන්ම විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

ජාත්‍යන්තර කාන්තා දියේදී The Best Nurse of The year Read Previous

ජාත්‍යන්තර කාන්තා දියේදී The Best Nurse of The year

කාන්තා දිනයදා  තෙල්දෙණිය ,දිගන සෙනරත්වෙල   පුස්තකාල මණ්ඩලය  කාන්තාවන්ට අත දෙයි Read Next

කාන්තා දිනයදා තෙල්දෙණිය ,දිගන සෙනරත්වෙල පුස්තකාල මණ්ඩලය කාන්තාවන්ට අත දෙයි

Realted Post

Leave a comment