ආසියානු ජාතික ඵලදායීතා සම්මානය විජය පුවත්පත් සමාගමේ CEO ; ජනක රත්නකුමාරට

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 ප්‍රකාශයට පත් කිරීමේ සමාරම්භක අවස්ථාව කොළඹ අරලියගහ මන්දිරයේදී ඊයේ දින (15) ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. 

එහිදී විජය පුවත්පත් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජනක රත්න කුමාර මහතා ‘ආසියානු ඵලද‍ායිතා උපදේශකයන් සඳහා වන ජාතික සම්මානයෙන් පිදුම් ලැබුවා.

ජනක රත්න කුමාර මහතා එම සම්මානය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතින්  සම්මානය   ගත්තා. 

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, ආසියානු ඵලදායීතා සංවිධානයේ මහ ලේකම් ආචාර්ය ඉන්ද්‍රා ප්‍රදාන සිංගවිනාටා,කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජේ.ඩී.නිරංජ එස්.ජයකොඩි මහත්ම මහත්මීහු ද මීට සහභාගී වනු ලැබුවා.

 

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර Read Previous

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර

ජිගලෝ Read Next

ජිගලෝ

Realted Post

Leave a comment